මේ ගැනත් සිතන්න
- 2018-08-23 10:03:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්තමාන සමාජයේ මිනිසුන් රොබෝවන් මෙනි. මක් නිසා ද යත් විවේකයක් නොමැතිව හෝ වැඩ කරන්නට එනම් මුදල් ඉපැයීම ඔවුන්ගේ පරම අභිලාෂය වූ බැවිනි. සමහරකු ඔවුන් ගේ සෞඛ්‍ය ගැන පවා නොහිතනවා ඇත.
දිනෙන් දින දියුණු වන තාක්ෂණය නිසා අද වෙළෙඳ පොළෙහි සෞඛ්‍යයට අහිතකර බොහෝ දේවල් ඇත. එසේම බොහෝ මිනිස්සු ලාභය උදෙසා කටයුතු කරති. එසේම එම සමහරක් කටයුතු නීති විරෝධී ක්‍රියාවන් වේ. මිනිසා නමින් හඳුන්වන අප අතින් එසේ වීම ගැන පසුතැවිලි විය යුතු යි. වර්තමානයේ මිනිසුන් වන අපට වඩා අනෙක් සතුන් බුද්ධිමත් යැයි සිතේ.
එහෙත් අපට වෙනස් විය හැකියි. එනිසා අද පටන් අපි දැනුම විෂය කරැණු පමණක් නොව බාහිර කටයුතු හා යහපත් ඇවතුම් පැවතුම් අපි ජීවිතයට එකතු කර ගනිමු. නිල් අඹරේ දිදුලන තාරකාවියක් වීම මගේ අභිප්‍රායයි. එය ඔබගේ ද අභිප්‍රාය වනු ඇති බව මට විශ්වාසයි.
සඳුමි තිසන්ජා සමරසිංහ
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments