රුදුරු ආක්‍රමණිකයා
- 2018-12-07 10:04:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්වරම මුළු ප්‍ර දේශයම අඳුරැ විය.අහස වැහි වලාවලින් පිරී ගියේය. සිහින් පොද වර්ෂාවක් ආරම්භ විය. එය ක්‍රමයෙන් අනෝරා වැස්සක් බවට පත් විය. සතුන්ගේ දුක්මුසු හඬ, ගෙම්බන්ගේ කෑ ගැසීම මාගේ සවනට යොමු විය.
මහා සැඩ සුළඟක් ද සමග වර්ෂාව පරිසරය ම ආක්‍රමණය කළේ ය. නිවෙස්වල වහලවල් ගැලවී යන්නට විය. ගස් කඩා වැටෙන්නට විය. ක්‍රමයෙන් වැඩි වූ වර්ෂාව මහා ගංවතුරක් බවට පත් විය.බොහෝ දෙනාට උන්හිටිතැන් අහිමි විය. පුද්ගල ජීවිත හා දේපළ ද මේ මහා රැදුරැ ආක්‍රමණිකයා විසින් ගොදුරැ කරගන්නා ලදී. අහිංසක මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු මහා ගංවතුරේ ගලා යන්නට විය.
තම නෑදෑයන් ගංවතුරට ගොදුරැ වීම දරාගත නොහැකි මිනිසුන් හඬා වැළපෙන්නට විය. තවත් බොහෝ දෙනා අනාථ කඳවුරැවල ගාල් වූහ. ජීවිතවලට මෙන්ම දේපළවලට ද අකාරැණික වූ මෙවන් වර්ෂාවක් නැවත කිසිදා ඇති නොවේවා යි මම ප්‍රාර්ථනා කරමි.
මලිඳු තීක්ෂණ
7 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments