වනයක ගත කළ සොඳුරු මොහොතක්
- 2019-11-22 14:22:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදින මට අමතක නොවුණු දවසක් විය. එදින යහළුවෙක් අපේ ගෙදරට පැමිණියේ ය. ඉන්පසු අප දෙදෙනා වත්ත පහළින් ගමන් කළ හැකි වනය දෙසට පිය නැගුවෙමු. වනයේ ඇති කෝන්, මාදං සිහිවීමෙන් ඒවා කඩා ගැනීමට වනය ඇතුළට ම අපි ගියෙමු. හිරැ එළිය ගස් අතරින් පෙරී ලන්ද තුළට වැටි තිබූ අයුරැ අලංකාර ය . රෑස්ස ගස්වල ඇති විශාල වැල්වල එල්ලෙමින් අප දෙදෙනා බොහෝ වෙලාවක් ගත කළෙමු. ඒ මොහොතේ අපට දැක ගැනීමට හැකි වූයේ දර්ශනීය මොනරකු පිල් විදහා නටන අයුරැ ය. එයින් සතුටට පත් වූ අපි තව තවත් කැලෑවේ අලංකාරය නැරඹීමට විවිධ දෑ සොයා ගියෙමු. වර්ණවත් වලි කුකුළන් කැලෑවේ එහා මෙහා සැරිසරනු අපි දුටුවෙමු.
අපේ පැමිණීමෙන් බියපත් වූ මී මින්නකු දිව ගියේ විදුලි වේගයෙනි. මිහිරි කුරැලු ගීතවලින් මුළු වනය ම ගීතවත් විය.ඒ අතර ම අප අතරින් ඇදී ගිය සර්පයකු දැක අපි බියවීමු. මෙසේ වනයේ සිරි නරඹමින් වනයේ ඇති කුඩා දිය ඇල්ලක් සමීපයට පැමිණියෙමු. එය අලංකාර චිත්‍රයකට සම කළ හැක්කක් විය. ඒ සමගම අප දෙසවනට නැගුණේ කුංචනාද නගමින් එන ඇත් රුළකි. එය දුටු අපි පියවි සිහියෙන් වටපිට බැලුවෙමු. සැඳෑ අඳුර ළඟ ළඟ ම එන බව අපට දැනුණේ එවිට ය. නිවෙස් සිහි වූ අපි තැතිගත් මුව පොව්වන් මෙන් නිවෙස් බලා දිව ගියෙමු.
කුෂාන් මේඝන සේනානායක
6 ශ්‍රේණිය,
නික/මහසෙන් ජාතික පාසල
Reply To:
Name - Reply Comment
0 Comments