වන අසිරිය රුක ගනිමු
- 2019-04-04 21:23:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වන සම්පත රුක ගැනීම අප සැමගේ යුතුකමකි. වනය ඉතාමත් අලංකාර දිය ඇලි හා වෘක්ෂලතාවලින් ඉතාම පොහොසත් ය. ඉතා දුර්ලභ ගනයේ වන සිවුපාවුන්ගෙන් හා ඖෂධ පැළෑටිවලින් පිරිපුන් ය. පැරුන්නන්ගේ මතය අනුව ගසට පොත්ත මෙන් පොත්තට ගස මෙන් මිනිසා සහ වනය අතර ඉතා තියුණු සම්බන්ධතාවක් පැවතී ඇත. අප ද පරිසරයෙන් එක් ගසක් තම අවශ්‍යතාව මතකපා ගත්ත ද එයට උචිත පරිදි තවත් ගසක් වනයට දායාද කළ යුතු ය. නූතන සමාජයේ අද වන විට මිනිසා ලෝක පරිසර දිනයක් වෙන් කළ ද පැරුන්නන් විසින් සැමදාම වන සම්පත තමාගේ ජීවිතයේ එක් අංගයක් ලෙස සලකා තිබේ. එබැවින් මිනිසා වන සම්පත තම ජීවය මෙන් රුකබලා ගෙන ඇත. වනයේ විවිධාකාර වශයෙන් දැවැන්ත වෘක්ෂ ලතාවන්ගෙන් පොහොසත් වුව ද අපගේ අවශ්‍යතාවලට ඒවා කෙදිනක හෝ කුමන අයුරකින් හෝ අවශ්‍ය වනු ඇත.
අද වනවිට නූතන සමාජය කෙතරම් නාගරීකරණය වී ඇත්දැයි කිවහොත් තම නිවසට කොස් දෙල් පොළොස් රුගෙන එන්නේ වෙළෙඳපොළෙනි. අද ශීඝ්‍රයෙන් වඳ වී යන වෘක්ෂලතාවන්ගෙන් පිරැණු පරිසර පද්ධති රුක ගැනීම මහත් අභියෝගයකි. එහෙත් අප කෙදිනක හෝ ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස ලැබීමට පරිසර පද්ධතියක් තබා ගත යුතු ය.
එබැවින් වන සම්පතට තවත් වෘක්ෂලතා එක් කරමින් එය ආදරයෙන් රුකගැනීම අප සැමගේ යුතුකමකි.
නෙත්මි ඉමල්කා
7 ශ්‍රේණිය,
බ/ඌව පරණගම මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments