වැඩිහිටියන්ට සලකමු
- 2017-12-08 21:03:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවුපියන්, ගුරැවරැන්, නෑදෑයන් සහ සියලුම වයසක අය අපේ වැඩිහිටියෝ වෙති. වයසින් මෙන් ම ගුණධර්මයෙන් අපට වඩා උසස් හැමදෙනාම ඇපි වැඩිහිටියන් ලෙස සලකමු. ඇතැම්විට වයසින් බාල වුවද ගුණ නුවණින් උසස් නම් ඒ අය ද වැඩිහිටියන් ලෙස අපි පිළිගතිමු. ඇතැම් අය ගුණ නුවණ අඩු අයද වයසින් වැඩි අය ද අපට වඩා අත්දැකීම් ඇති අය නිසා අපි සැලකීමට පුරැදු විය යුතු ය.
වැඩිහිටියෝ අප හදාවඩා ගත්හ. අපට ආරක්ෂාව සැපයූහ. අපට හොඳ නරක කියා දුන්හ. අප සමාජයට හඳුන්වා දුන්හ. අපට අවවාද අනුශාසනා දුන්හ. එම නිසා අපි ඔවුන්ට කෘතගුණ දැක්විය යුතු ය. වැඩිහිටියන්ගේ අත්දැකීම් අපට බෙහෙවින් වැදගත් වේ. වැඩිහිටියන් වයසට ගිය පසු අපි ඔවුන්ව රුකබලා ගනිමු. එය අපේ වගකීමකි.
රන්දි මැණික්
7 ශ්‍රේණිය,
ර/ මීපාගම ජයන්ති ම.ම.විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments