වැඩිහිටියන් සෙවණේ
- 2019-06-07 09:41:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක වැඩිහිටි දිනයක් ප්‍රකාශයට පත් කොට ඇත. එහි අරමුණක් වී ඇත්තේ වැඩිහිටියන්ට සැලකීමයි. ගරැ කිරීම පිළිගැනීම ඇගයීම් වේ. වැඩිහිටියන් ලෙස හඳුන්වන්නේ අපට වඩා වයසින් හා නැණ නුවණින් මුහුකුරා ගිය අයයි. වැඩිහිටියකුගෙන් ලැබෙන අවවාද හා අනුශාසනා මෙන් ම ආශිර්වාදය ද අපි මහත් හරසරින් පිළිගත යුතු වෙමු. එමෙන්ම ඔවුන්ට ගරැ සැලකිලි මහත් ඕනෑකමින් මෙන් ම සියලු යුතුකම් වගකීම් ඉටුකිරීමක් ලෙසින් සලකා කටයුතු කිරීමක් යහපත් ය.
අතීතයේ රජ දරැවන් සියතින්ම සත්කාර කළ අයුරැ පැරණි පොත්පත්වල දක්වා ඇත. අද ලෝකයේ වැඩිහිටි නිවාස වැඩි වැඩියෙන් පවතී. යනඑන මං නොමැති වූ මවුපියවරැ මහමග සිඟා යදිති. වැඩිහිටි ලෙයින් කඳුළින් උපන් අප ඔවුන්ගේ මහලු වියේදී ඉතා ආදරයෙන් බලාගත යුතු ය. ඔවුන්ගේ ආශිර්වාදයත් ඇසුරත් උපදේශනයත් තුළින් අපේ හෙට ලොව ආලෝකවත් කරගනිමු.
ජනිදි ෂෙහාරා වීරරත්න
8 ශ්‍රේණිය,
සුරදූතික බාලිකා විද්‍යාලය,
පයාගල.
Reply To:
Name - Reply Comment
0 Comments