වැව, වැවු තාවුල්ල සුරකිමු
- 2016-06-28 13:27:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැව කියන්නේ.... වියළි කලාපයේ වී ගොවියාගේ හදවත තමන්ගේ ගොවිතැන් බත් සරැ කර ගන්නට අහස් දිය රඳවා ගන්නට ආදියෙදී මිනිසා විසින් හදපු ඒ කියන්නේ කෘත්රිමම ජලාශයක් වුණත් වැඩ සොබා දහම එම කොයි තරම් අපූරැ විදියට බද්ධ වුණාද කිව්වොත් අද වැව ගැන කතා කරන්නේ සොබා දහම් කොටසක් ලෙස ය.
වැව හදලා තියෙන්නේ ගලන දිය පාරක් හරස් කරලා. දියවර හරස් කරන්නට බඳින බැම්ම, වැවු බැම්ම නැතිනම් වෑ කන්ද, කෙත් යායට දිය ගන්නට වෑ කන්දේ පහළ ම එක තැනක සොරොව්වක් තියෙනවා. කෙයා විස්මයට පත් කළ ලංකාවේ වාරි තාක්ෂණයේ ඉහළ ම අංගය තමයි මේ හොරොව්ව නැතිනම් බිසෝ කොටුව. වතුර වැඩිවෙලා වැව උතුරැනකොට පිටවානෙන් පිටවන වතුර ගලන්නේ වාං ඇල දිගේ. වැවු බැම්මටත් පහලින් තියෙන කෙත් යායටත් හානියක් නොවී වැඩි වතුර පිට කරන්නේ මේ ක්රබමයට ය.
වැව ආරක්ෂා කර ගන්නට වැව හා බැඳුණු පුරාණ චාරිත්රි වාරිත්රම සම්මුති තහචි තිබුණා. වැවේ ඕනෑම තැනකින් වැවට බහින්න බැහැ. දියමංකඩ බීමට වතුර ගන්නට විතරයි. නාන මංකඩ නෑමට, රෙදි ටික අපුල්ලා ගන්නට බොර දිය මංකඩ සතුන් නාවන්ට.
වැවක් තියෙන ගම වැව් ගම වැව් ගමේ වෙසෙන වැසියෝ වැවු ගම් වැසියෝ. ආදියේ හැඳින්වූයේ ඒ විදායට වැවක් විහිටන්නේ කිසියම් පෙදෙසක පහල මතැනක. වැවු තාවල්ල කියන්නේ වැවු ඉස්මත්තට. විද්යානත්මක ව කියනවා නම් වැවු තාවුල්ල කියන්නේ වැවක ආසන්න තම ජල පෝෂක ප්රෙකද්ශයට ය. ඒ කියන්නේ වැස්සෙන් වැටෙන වතුර රඳවාගෙන වැව ක්රයමාණුකූලව එම දියෙන් පෝෂණය කරන ප්රි දේශය වැස්සෙන් වැටෙන වතුර අන්තිමට අල්ලා රඳවාගෙන පිරිසිදු කරලා වැවට දෙන්නේ වැවු තාවුල්ල. කොටින් ම කියනවා නම් වැවේ පුරාණය සැඟවිලා තියෙන්නේ වැවු තාවුල්ලත් වැව අවට කැලෑවත් නිසයි.
අප ජීවත් වන පරිසරයට වැවේ වැදගත්කම තවමත් එදා වගේ ම වෙනස් වෙලා නැහැ. අපි මොන දෙයක් කරලා යැපුණත් අපේ හෙට දවසට පරිසරයේ තියෙන වටිනාකම අමතක කරන්න නරකයි. වැව කියන්නේ පරිසරයේ කොටසක්.
වැවත්. වැවු තාවුල්ලත්, වැව අවට කැලෑවත් රුකගන්නට වැඩි ම සවිය තියෙන්නෙත් වැවු ගම්මානවල පදිංචි ඇත්තන්ටම තමයි.
ගයන්ත බණ්ඩාර පලිපාන,
5 ශ්රේ ණිය,
ශාන්ත සිල්වෙස්තර විදුහල,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments