වෙල්යායක සුන්දරත්වය
- 2018-04-06 14:42:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ ගමේ වෙල්යාය පිහිටා ඇත්තේ අපේ ගමට පහළිනි. එක් සවස් වරැවක අම්මාත් මම වෙල්යාය බැලීමට ගියෙමු. එහි තිබූ සුන්දරත්වය මට කියා නිම කිරීමට බැරි තරම් ය.
මම නිල්වන් පාටින් දිස්වුණු කෙත්යාය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමි. රන්වන් කරලින් බරව ගොයම් පැළ මඳ සුළඟට ලෙළදෙන අයුරැ මා බලා සිටියේ විස්මය දනවන දෙනෙතිනි. මා සිතුවේ මා පමණක් මෙය බලනවා කියා ය. එහෙත් තවත් බොහෝ ළමයි නියරවල දුවමින් සෙල්ලම් කරමින් සිටියෝ ය. ඔවුන් පසුපස දුවන බලු පැටවුන් විටෙක කුඹුරට වැටුණි. තවත් සමහරෙක් නියරට වී යහළුවන් සමග සීතල සුළඟේ රසය වින්දෝ ය.
නිමල් මාමා පැහීගෙන එන ගොයම් කරල් අල්ලා පරීක්ෂා කළේ ගොයම් කැපීමට ළඟදැයි බැලීමට විය හැකි ය. විටින් විට පැමිණෙන ගිරා රංචු එළවීම සුනීතා නැන්දාට ඉතා අපහසු වුවත් ගොයම් ආරක්ෂා කර ගැනීමෙහිලා ඇය කරන මෙහෙය ඉතා අනර්ඝ විය.
කඳුළු පිරි දෙනෙතින් යුතුව හිරැ කුමරා සඳ කුමරැට ඔටුන්න හිමි කර දුන් බැවින් අඳුර පැතිරැණේ ය. එම නිසා අපි ගෙදර ආවෙමු.
පුරවි අංගීරසා කුලතුංග
10 ශ්‍රේණිය,
මියුසියස් විද්‍යාලය, කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments