Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වෙසක් කූඩුව

  • 2018-05-17 14:00:16
  • 0 Comments

හිරැ අවරට ගොස් තිබුණා. වෙනදා වගේම සිරිමල් සීයා එක්කලා සැන්දෑව ගත කිරීමට මහ ගෙදරට පියමැන්නා. &සීයේ.....  සීයේ.. .... ආච්චි අම්මේ සීයා කෝ ?*.&පුතේ, සීයා වේලාසනම නිදිනේ* ආච්චා අම්මා කීවා. &සීයේ නැගිටින්න මම ආවා* .&මගේ පුතා ආවද* ඉන්න මම කතාවක් කියා දෙන්නම්* කුස්සියට ගොස් ගුරැලේත්තුවෙන් කෝප්පයකට වතුර වක් කරගත් සීයා මුහුණකට පිහදාගෙන වතුර උගුරැ කිහිපයක් බී සාලයට ආවා.
&පුතේ අද මම කියල දෙන්න යන්නේ කැලෑ ගමේ යහළුවන් වෙසක් කූඩුවක් හදපු හැටි* .&දැන් වෙසක් ළඟ එන නිසා ඒක හොඳයි* සිරිමල් කීවා.
අපේ ගමේ වෙසක් ජයට සමරන විට කැලෑ ගමේ යාළුවොත් ආසාවෙන් බලා සිටියා. අපිත් වෙසක් කූඩුවක් හදමු කියලා තීරණය ගත්තා. මෙසේ අලිරාල, හා හාමි, නරි රාල, වලස් පුංචා, ගිරා මලිත්තො යාළුවො එකතුවෙලා වෙසක් කූඩුවට අවශ්‍ය බඩු සූදානම් කළා. හබරල, ක්‍රෝටන් වගේ ලස්සන කොළවලින් කූඩුව අලවමු. සියල්ලෝ කූඩුව සෑදීමට දිනයක්ද වෙන් කරගත්තා.මේ යාළුවෝ ටික වෙසක් කූඩුව හදන්න යොදා ගත්තු දිනය ආවා. ඔන්න අලිරාල උණ බට අරගෙන ආවා. හා හාමි ක්‍රෝටන්, හබරල කොළ ගෙනාවා. වලස් පැංචා ගස්වල කෙඳි ද ගෙනාවා. නරිරාල, ගිරාමලිති, බට්ටි නඟාලා යාළුවෝ එකතු වෙලා කූඩුව හදන්න පටන් ගත්තා.
මේ විදිහට වෙසක් කූඩුව ඉරටුවලින් කූඩු සැකිල්ල සකස් කොට ලාටු වැනි ඇලෙන ද්‍රව්‍ය ගා කොළ වෙනුවට හබරල කොළ අලවා රුලි ක්‍රෝටන් කොළවලින් නිමකළ අගනා ස්වාභාවික ද්‍රව්‍යවලින් විශාල කූඩුවක් සාදා නිමකළා.
යාළුවන් කල්පනා කළා මේක කොහේද එල්ලන්නේ කියා. එවිට විශාල කුඹුක් ගස් ළඟ එල්ලීමට කට්ටිය යෝජනා කරගත්තා. ඊළඟට කූඩුව එළියකර අලංකාර කරන්න කණාමැදිරියන්ට හවස් වන විට එන්න කියා ආරාධනා කළා. එදා වෙසක් දවස මේ යාළුවන් සියලු දෙනා එකතු වී කුඹුක් ගස අසලට ගියා. කණාමැදිරියන් ඇවිත්  වෙසක් කූඩුව ඇතුළට ගොස් කූඩුව ආලෝකවත් කළා. කැලෑ යාළුවන්ට හරි සතුටුයි. ඉතින් ලබන වෙසක් එකටත් මෙවැනි කූඩුවක් හදමු කියා යාළුවන් කතා වී සතුටින් විසිරී ගියා. &එකමුතුකම තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ* සීයා මට කීව්වා.

දහම් සත්සර පෙරේරා
9 වැනි ශ්‍රේණිය,
බප/හො වෑවිට මෛත්‍රී මහා විද්‍යාලය, බණ්ඩාරගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.