සම්බුදු තෙමඟුල
- 2018-05-17 14:06:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද වෙසක් පෝය දවසයි. ආච්චි, අම්මා හා නංගී උදෙන්ම සිල්ගන්නට පන්සලට ගියහ. මමත්, තාත්තාත්, මල්ලීත් වෙසක් කූඩුවලට කොළ ඇලෙව්වෙමු. ඒ අතරෙදි මම තාත්තාගෙන් සම්බුදු තෙමඟුල කියන්නේ මොකකටද කියලා ඇසුවෙමි.
&පුතේ, සම්බුදු තෙමඟුල කියන්නේ බුදු හාමුදුරැවන්ගෙ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑමයි. මෙම සම්බුදු තෙමඟුල සිදුවූයේ අද වගේ වෙසක් පෝය දිනකයි* කියා තාත්තා පැවසුවේය.
තාත්තා මිදුලේ අඹ ගසේ හා ජම්බු ගසේ එල්ලන්නට පාට පාට බකට් ගෙනාවේය. ඉටිපන්දම් ගසා ඒවා රාත්‍රියට දැල්වීමට සූදානම් කළෙමු. උදේ සිටම ඇහුන පන්සලේ ඝාන්ටාර හඬ හවස් වන විට වැඩිවන්නට විය. මගදිගට ගෙවල්වල පාට පාට වෙසක් කූඩු හා බකට් එල්ලා තිබුණි. අපි ඒවා බලමින් පන්සල් ගියෙමු. සිල්ගත් ආච්චි අම්මාත්, නංගීත් සමග අපි තොරණ බලන්නටද ගියෙමු. පාට පාට විදුලි බුබුළු නිසා තොරණ ඉතා අලංකාරය.
තමුදි මල්ෂිකා
9 වැනි ශ්‍රේණිය,
බප/ගම් සංඝමිත්තා බාලිකා මහ විදුහල, කිරිඳිවැල.
Reply To:
Name - Reply Comment
0 Comments