සර් අයිසෙක් නිව්ටන්
- 2019-02-08 13:59:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා උපත ලද්දේ 1642 ජනවාරි 4 දිනය. ඒ ගැලීලියෝ මියගිය වර්ෂයයි. එංගලන්තයේ දී උපත ලද මොහු වයස විසි දෙකක් වෙද්දී නිදහස් ශිෂ්‍යත්වයක් දිනා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් වාසනාවන්තයෙකු විය. ගණිත, මිණිත, ජ්‍යාමිතිය, තර්ක ආදි විෂයන් ඔහු එහිදී මනා ලෙස හැදැරීය. අවසානයේ ඔහු එම විශ්වවිද්‍යාලයේම ගණිතාචාර්ය ධූරයට පත්විය. ලොව ප්‍රථමයෙන්ම ගුරැත්වාකර්ෂණ බලය පිළිබඳ මතය හෙළි කළේ අයිසක් නිව්ටන් විසිනි. එංගලන්තයේ ලින්ක්ෂයර් හී තම නිවසේ එළිමහනේ සිටිනා විට ගසකින් ගිලිහුණු ඇපල් ගෙඩියක් බිමට වැටෙනු ඔහු දුටුවේය. මෙසේ වීමට හේතුව කවරේ දැයි කල්පනා කළ ඔහු අවසානයේ ගුරැත්වාකර්ෂණය පිළිබඳ මතය ලොවට හෙළි කළේය. එසේම සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව බොහෝ කරැණු ඉදිරිපත් කළ ඔහු දේදුන්න, වඩදිය, බාදිය පිළිබඳව ඉදිරිපත් කළ කරැණු ඒ කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ඒවා විය. 1688 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇතුළත් වූ මොහු 1707 දී ගෞරවාර්ථ නයිට් නාමයකින් ද පිදුම් ලද්දේය. 1727 මාර්තු 31 දින මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා අප අතරින් සදහටම වෙන් වී ගියේය.
පී.එච්.බිනුදි බිමන්කා
5 වැනි ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments