සැණකෙළියක අසිරිය
- 2019-04-30 12:10:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විචිත්‍ර වර්ණයෙන් බබළන විදුලි පහන් ආලෝකයෙන් සැණකෙළි භූමිය අලංකාර වී ඇත. නිවි නිවි දිලන ආලෝකය නිසා වරෙක මඳ අඳුරැත් වරෙක මහත් වූ ආලෝකයත් ගෙන දෙමින් සැණකෙළි භූමිය තුළ අපූර්වත්වය නිර්මාණය කරයි. අඳුරැ සෙවණැලි රටා මවමින් ඔබ මොබ හැසිරෙන මිනිසුන්ගෙන් සැණකෙළි භූමිය පිරි ඉතිරී යයි.
මිනිසුන්ගේ නාස්පුඩු, දසත පැතිරෙන ආහාර සුවඳින් පිරී යයි. රසකැවිලි විකුණන වෙළෙන්දා සැණකෙළි භූමිය තුළ දැක ගත හැකි ය.
සැණකෙළි භූමියේ තැනින් තැන විසිතුරැ සෙල්ලම් බඩු විකුණන වෙළෙඳුන් දැක ගත හැකි ය. මෙන් ම සළු පිළි, බැලුන් බෝල, පොත්පත් ආදිය විකුණන වෙළෙන්දන්ගෙන්ද සැණකෙළියට අඩුවක් වි නොමැත. ‘පෝං පෝං හඬ නගමින් අයිස්ක්‍රීම් වෙළෙන්දෝ ඒ මේ අත සැරිසරති.
සැණකෙළි භූමියට ඇතුළුවන ස්ථානයේ හා පිටවන ස්ථානයේ ගොඩනගන ලද තොරණ විසිතුරැ කැටයම්වලින් නිම වී ඇත. සුදු වැලි ඇතිරෑ සැණකෙළි භූමියේ එක්කොණක විසිතුරැ මල්වලින් සහ පැළෑටිවලින් හැඩ වී ඇත..
කුඩා ළමයින් ප්‍රිීතියට පත් කරමින් එවුන් ෙසල්ලම් කිරීමට අවශ්‍ය ඔංචිල්ලා, මෙරිගෝරවුන්ඩ්, වැනි ප්‍රියජනක ක්‍රීඩා සැණකෙළි භූමියේ සකස් වී ඇත.
සැණකෙළි භූමිය කාගේත් සිත්සතන් පුබුදුවාලයි.
සචිනි කුමසාරැ
6 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments