සැඳෑ කාලය මෙතරම් සොඳුරුද
- 2019-11-04 10:51:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මල්ලී සොයාගෙන ගං ඉවුරට ගියෙමි. සිතට ඇති වූ දැඩි මහන්සිය නිසා මම එතැන තිබූ ගල් පර්වතයේ හිඳ ගත්තෙමි. හමායන සිසිල් සුළඟින් ගතට දැනුණේ අමුතු සුවයකි. සිතෙහි ඇති වූයේ අමුතු සිසිලකි. නේක වර්ණයන්ගෙන් යුත් ඈත අහස බැස යන හිරැගේ රන්වන් රුස් දහරින් ඔප් නංවමින් තිබිණි. එම රුස් දහරින් ගංගා කොමළිය ඈතට දිස්වන්නේ ඉතාමත් චමත්කාරජනක ලෙස ය. මලින් ගැවසුණු තුරැලතා ද සෙවණේ ලතාවකට ලෙළදුන්නේ ද බැස යන හිරැට අතවනමින් සමුදෙන ආකාරයට ය. කුරැලු රංචු තම කැදලි කරා පියඹා යන්නේ ද බැස යන හිරැට හා ගංගා කොමළියට ආසිරි පතන්නාක් මෙනි. ගුවන පුරා රුව් නංවමින් මුළු පරිසරය ම සංගීතවත් කරන කුරැලු රංචු සැඳෑ සිරියේ අලංකාරය දෙගුණ තෙගුණ කරයි. හිරැ අවරින් බැස යනවාත් සමගම එම අසිරිමත් පියවි ලොවින් මා ඈත් වූයේ ආයාසයෙනි.
මෙනුලි මහීෂා
9 ශ්‍රේණිය,
බප/හො/ රාජකීය විද්‍යාලය,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments