සිංහල භාෂාව රුකගැනීම සිංහලයන් සතු වගකීමකි
- 2019-01-28 12:12:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල භාෂාව ඉතා රමණීය භාෂාවකි. මෙම සිංහල භාෂාව ඕනෑම පුද්ගලයෙකුට වුවද පහසුවෙන් ඉගෙන ගත හැකියි. අද වන විට සිංහල භාෂාව අසරණ තත්ත්වයකට පත්ව ඇත. අදහස් ප්‍රකාශ කිරීමට ඇති මාධ්‍ය භාෂාවයි. ඈත අතීතයේ සිටි ලේඛකයෝ සිංහල භාෂාවේ ජීවමාන ගුණය රුකගෙන පොත් පත් ලිවීමට උත්සහ කළහ. අද වන විට බොහෝ දෙනෙක් සිංහල භාෂාව අතහැර වෙනත් භාෂා භාවිත කිරීමට උත්සහ දරති. අපට දිනපතා උදෑසනට කනට ඇසෙන වචනයක් ලෙස ගුඩ් මෝනින් යන වචනය ගත හැකිය. සිංහල ජාතියක් වශයෙන් අප සිංහල භාෂාව කතා කිරීමට බිය නොවිය යුතුය. ගුඩ් මෝනින් යන වචනය වෙනුවට අප සුබ උදෑසනක් යන වචනය භාවිත කළ හැකිය. අද වන විට බොහෝ ළමයින්, වැඩිහිටියන් පවා ඇසීමට කැමති වන්නේ කිසිම අරැතක් නැති, කිසිම රසයක් නැති කවි, ගීත ආදියයි.
එදා අපේ රටේ සිටි එස්.මහින්ද හිමි, අරිසෙන් අහුබුදු, මහගමසේකර ආදි ප්‍රසිද්ධ කවියන්, ගීත රචකයන් රචනා කරන ලද කවි, ගීත ඇසීමට රැචියක් දක්වන පිරිස් දැක ගැනීමට පවා ඉතා අසීරැය. අද පාසල් යන ළමයින් විභාගවල දී සිංහල භාෂාව හා සාහිත්‍ය යන ප්‍රශ්න පත්‍රයට ලකුණු බැලූ විට අනෙක් විෂයයන්වලට බොහෝ විට ඇත්තේ අඩු ලකුණුය. එය අපේ භාෂාවට කරන නින්දාවකි. අපේ බාල පරපුරට සිංහල භාෂාව නිවැරදිව භාවිත කිරීමට හුරැ පුරැදු කිරීම අපේ මාපියන්ගේ ද, ගුරැවරැන්ගේ ද යුතුකමක් හා වගකීමකි. එමෙන්ම පාසල් යන ළමුන් වශයෙන් අප සිංහල භාෂාව නිවැරදිව ඉගෙන ගැනීමටත්, නිවැරුදිව හැසිරවීමටත් වගබලා ගත යුතුය.
එච්.එම්.රිද්මි සත්සරණි
9 වැනි ශ්‍රේණිය,
නික/මිදෙල්ලව විමලශීල මහා විද්‍යාලය,
බණ්ඩාර කොස්වත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments