හඳේ නොවේ පෘථිවියේ
- 2019-08-13 16:02:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැන් වේලාව පස්වරැ 3.00ට ආසන්න ය. සුවහසක් ජනීජනයා තම තමන්ගේ අභ්‍යවකාශ යානාවලට ගොඩවෙති. මා හාට ගොඩවිමට නියමිතව ඇත්තේ ‘‘රැබිට් 3 මූන්‘‘ යානයට ය. එහෙත් තවම එය අභ්‍යවකාශ තොටුපළ වෙත ළඟා වී නොමැත. මම අසල තිබූ පුටුවක වාඩි වි මාගේ අභ්‍යවකාශ ගමන් බලපත්‍රය හා ටිකට් පත ගත්තෙමි. එවිටම මා දෙසවනට වැටුණේ නිවේදිකාව විසින් කියන ලද නිවේදනය යි.
‘‘ චන්ද්‍රයා බලා පිටත්වන රැබිට් 3 මූන් යානය දැන් අභ්‍යවකාශ තොටුපළට ළඟා වී ඇත. කරැණාකර එහි ගමන් ගැනීමට නියමිත මගීන් පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන්න‘‘
නිවේදනය මා දෙසවනට වැටුණ විගස මම පිටත්වීමේ පර්යන්තයට ගියෙමි. මිනිත්තු 30කටපමණ පසු මම යානයට ගොඩවුණෙමි. යානය ජනයාගෙන් පිරී ගොස් ය. යානය පිටත් වි පැය 3කට පසු මම හඳෙහි ප්‍රධාන තොටුපළ වෙත ගොඩ බැස්සෙමි. මා පිළි ගැනීමට මා මිතුරියන් වූ ෂෙනොලි හා යෙනොලි පැමිණ සිටියහ. අපි තිදෙනා බසයෙන් ඔවුන්ගේ නිවස වෙත ගිියෙමු. යෙනොලිගේ මව මට හඳ තේ හා හඳ කේක් පිළිගැන්වූවා ය. ඒවා අතිශය රසවත් ය. අපි තිදෙනා එක්ව ගෙවත්තේ සිරි නැරඹුවෙමු. හඳ ගෝවා හා කැරට් ඉතා සාරවත්ව වැවී තිබිණි.
‘‘දුව නැගිටින්න, නැගිටින්න. උදේ 6.30යි.‘‘ ඒ මාගේ සෙනෙහෙබර මවගේ කටහඬ ය මම දෑස් හැර බැලුවෙමි. මව මා අසල ය. මම මගේ සුපුරැදු නිවසේ සුපුරැදු කාමරයේ සිටිමි. එවිට මා සිටින්නේ හඳේ නොවේ පෘථිවියේ නේදැයි මට සිතුණි. එහෙත් මාගේ සිහින චාරිකාව නම් ඉතා විනෝදජනක එකක් විය.
දිව්‍යාංජලි තිලෝකා
10 ශ්‍රේණිය,
ශ්‍රිපාලි විද්‍යාලය,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments