හෙට ඉර නොපෑයුවොත්
- 2019-01-21 14:41:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔරලෝසුවේ සීනුව නාද විය. මම විගස නැගිට බැලුවෙමි. උදෑසන 7 පසුවී මිනිත්තු 5කි. මම විගස ජනේලය ඇර බැලුවෙමි. මහ රාත්‍රිය මෙන් දසත ගන අඳුර රජයන පරිසරයක් මට දක්නට ලැබිණි. වෙනදා ඇසෙන කුරැලු නාදය අද නැත. පරිසරය තුළ පාළු ශාන්ත ස්වභාවයක් දක්නට ඇත. මේ සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට අසමත් වීමි. මම අම්මාට කතා කළෙමි. ‘‘අම්මේ , අම්මේ මේ මොකක් වෙලාද“ මම ඇසුවෙමි. එවිට ම මම නින්දෙන් ඇහැරැණි. වෙනදා ඇසෙන කුරැලු නාදය සුපුරැදු පරිදි අද දින ද සතර වටින්ම ඇසෙයි . මද වේලාවකට පෙර මා දුටු අන්ධකාරය දැන් පෙනෙන්නට නැත. එසේනම් මා ඒ දැක ඇත්තේ සිහිනයක් ද? ඇත්තටම ‘හෙට ඉර නොපෑයුවොත් ‘ කුමක් සිදුවේද?
සියලු කටයුතු අඩාළවනු ඇත. මුළු පරිසරයම අන්ධකාරය විසින් ගිලගනු ඇත. එවිට අප කුමක් කළ යුතු වේද. බොහෝ මිනිසුන් තාම එළි වී නැතැයි සිතා නැවතත් නිදා ගනු ඇත. ඔවුන් කුසගිනි වි අවදි වූ පසු ‘මේ මොන පුදුමයක් ද මෙතරම් උදෑසන වුවත් තවත් එළි වී නැත්තේ ඇයි?‘ කියා සිතනු ඇත.
එසේ ම ශාක ද මලානික වේ. ශාකවල ආහාර නිපදවන ක්‍රියාවලිය හෙවත් ප්‍රභාසංශලේෂණ ක්‍රියාවලිය ද අඩාළවනු ඇත. එමෙන්ම අපට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධක තුනෙන් එකක් වන පිරිසුදු වාතය ද හිඟ වී කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවේ. ඉර නොපෑයුවොත් අපට ජීවත් විය නොහැකි වනු ඇත.
නිදුක ශ්‍යාමන් දිල්හාර
7 ශ්‍රේණිය,
බප/මතු/ බදුරලිය මහා විද්‍යාලය,
බදුරලිය.
Reply To:
Name - Reply Comment
0 Comments