හොඳ උපාය
- 2019-08-13 15:47:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිමල් ඔහුගේ නංගි සහ සමන් සමග සෙල්ලම් කරමින් සිටියේ ය. ඒ අතරතුර දී නිමල්ගේ අම්මා ඔවුන්ට පැණි විස්කෝතු පැකට්ටුවක් ගෙනැවිත් දුන්නා ය. නිමල් සෙල්ලම් කරමින් සිටිය දි ඔහු ළඟට කූඹියෙක් ඇවිත් ඔහුව සැපුවේ ය. නිමල්ට බොහෝ වේදනා දැනුණි. ඔහු කූඹියාට පාඩමක් ඉගැන්වීමට සිතුවේ ය. මම මෙයාට ගලක් ගහනවා යැයි සිතුවේ ය. ඔහු එය අම්මාට කීවේ ය. ‘‘පුතේ ඌ වැරදීමකින් වෙන්න ඇති හැපුවේ. ඒත් ජීවිතයක් නැති කරන එක මහා පවක්‘‘ යැයි කීවා ය. ඔහු එය සිතට ගත්තේය. වෙනත් උපායක් සිතට ගත්තේ ය. සීනි කැටයක් ගෙන කූඹියා ගාවින් තැබුවේ ය. කූඹියා රුවටි එය කූඹි ගුල වෙත ගෙන යාමට උත්සාහ කළේ ය. ඒත් කූඹියාට එය එසවීමට නොහැකි විය. ඌ කූඹි ගුලෙහි ඉන්න යාළුවන් කැඳවාගෙන ඒමට ගියේ ය. එවිට නිමල් සීනි කැටය ඉවත් කළේ ය. කූඹියා යාළුවන් සමග ආවේ ය. එතැන සීනි කැටයක් නැති බව දුටු යාළුවෝ කූඹියාට බැණ බැණ තරහ වී යන්නට ගියෝ ය. තමන් කරපු මේ උපායට නිමල්ට හොඳට ම හිනා ගියේ ය.
මහිමා මෙහෙදිනි
8 ශ්‍රේණිය,
මීග/ශාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments