ළමයි රටේ අනාගත පුරවැසියෝය
- 2019-05-10 11:19:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමයා මිනිසාගේ පියාය යනුවෙන් කියමනක් ඇත. ඉන් පැවසෙන්නේ ළමයි අනාගතයේ මිනිසකු වන බව ය. අනාගත මිනිස් පරපුර වන්නේ අද ළමා පරපුරයි. එය සලකාගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1989 දි ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් සකස් කරනලදී. ඒ අනුව අවුරැදු 18ට අඩු අය ළමයින් වශයෙන් සැලකේ. මවුපිය සුරක්ෂිතතාව ළමයින්ට ලැබිය යුතු ය. මවුපියන්ගේ අන්‍යෝන්‍ය සමගිය, එකමුතුකම ළමයාගේ මානසික සංවර්ධනයට ඉවහල් වේ.
ළමයාට නමක්. ගමක්, ආගමක් හිමිවීම ළමා අයිතිවාසිකමකි. ළමයාට අධ්‍යාපනය ලැබීමට ද අයිතියක් ඇත. මවුපියන් ,වැඩිහිටියන් ළමයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. තම දරැවා ඇසුරැ කරන යහළුවන් නරඹන රෑපවාහිනි වැඩසටහන් ආදිය ගැන සැලකිලිමත් වියයුතු වේ. ළමයින් තම ළමා වියේ බලාපොරොත්තු වන්නේ මවුපිය ආදරය හා උණුසුම ය.
මවුපියන් තම දරැවන්ට ආදරය රුකවරණය ලබා දී කරැණාවෙන් වැරදි පිළිබඳ කියා දී දරැවා යහපත් ක්‍රියාවලට යොමු කර ඒවාට ප්‍රශංසා කර යහපත් අයගේ ඇසුර ලබා දි අනාගතයේ දී රට බාරදිය හැකි යහපත් පුරවැසියන් බිහි කිරීම යුතුකමකි.
කෞමදී ප්ලාවියා
9 ශ්‍රේණිය,
මාර/මොරවක කිර්ති අබේවික්‍රම ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments