ළමා ලොව සුන්දරයි නිරෝගිව සිටීම අපේ යුතුකමයි
- 2019-04-12 14:57:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමා විය සුන්දරයි. එහෙත් දඟකාර ය. ජීවිතය පිළිබඳ අවබෝධයක් නැති මේ කාලපරාසය තුළ ළමයින්ගේ ක්‍රියාකාරකම් පුදුම සහගත ය. මේ කාලය තුළ ළමයින්ගේ හැසිරීම් රටාවේ විවිධ වෙනස්කම් දැකිය හැකි ය. ළමයින් ගන්නා ආහාර විවිධ ය. ඇතැම් ආහාර ළමාවියට ඔරොත්තු නොදෙනසුලු ය.
මවුපියෝ වැඩිහිටි කොයි කවුරැත් ළමයින් කෙරෙහි ඇති ආදරය හේතු කොට ගෙන ළමයින්ට නුසුදුසු ආහාර ද ලබා දෙති. වේගයෙන් වැඩෙන ළමයින්ගේ හොඳ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර ලබාදීමට කටයුතු කරමු. වැඩෙන ළමයින්ගේ වර්ධනයට පෝෂණ ගුණයෙන් සපිරි ආහාර දීම අත්‍යවශ්‍යයි. උදේ ආහාරය සඳහා ළමයින්ට පිටිවලින් සාදන කෑම ලබාදීමෙන් වැළකී සිටිය යුතු ය. අප වෙළෙඳ පොළේ ආහාර හොඳින් හඳුනා ගත යුතු ය. මෙම පාන්පිටිවල කිසිදු ගුණයක් නැත. ඒවා මවුපියන් ලබාදෙන ආහාර මිස ළමයින් ගේ සෞඛ්‍යයට හිතකර ඒවා නොවේ.
වෙළෙඳ පොළේ ඇති කෘත්‍රිම ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. තෙල් සහිත ආහාර වැඩියෙන් අනුභව කිරීමෙන් අපේ රැධිරවාහිනි නාළ විකෘති වීමට ඉඩකඩ බොහෝ ය. ගොටුකොළ, මුකුණුවැන්න වැනි දෑ ආහාරයට ගැනීම පිණිස සහ අක්ෂි රෝගවලින් වැළකී සිටීමට ඇති හොඳම පිළියම වේ. තම දරැවන්ට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන ආහාර සැපයීම සෑම මවුපියකුගේ ම යුතුකම හා වගකීමයි.
ෂෙරැනි ප්‍රනාන්දු
9 ශ්‍රේණිය,
ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය,
මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments