ජලය සම්පතකි
- 2019-08-06 16:28:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනිසා ඇතුළු සියලුම ජීවීන්ගේ ජීවය රුඳී පවතින්නේ ජලය මත ය. පිපාසය නිවා ගැනීමේ සිට සේදීම, ආහාර නිෂ්පාදනය ඇතුළු සියලුම කාර්යයන් සඳහා ජල සම්පත් උපකාරී වේ. ඒත් වර්තමානයේ කෘමිනාශක , රසායනික ද්‍රව්‍ය ආදිය එක්වීමෙන් ජලය දූෂණයට ලක් වී තිබේ. අරපරිස්සමින් ජලය පාවිච්චි කිරීම හොඳ ගුණාංගයකි. පරිසරයේ ඇති ගස්වැල් කැපීමෙන් ජල සම්පත කෙරෙහි ඇති වන බලපෑම් අද වන විට ඉතා වැඩි වී ඇත. ජල බිඳුවක් හෝ අපතේ නොයැවිය යුතු ය. අපි ජලයේ වටිනාකම වටහා ගත යුතු වෙමු. ජල දූෂණය ද වළක්වා ගැනීම අපගේ යුතුකමකි. ජීවීන්ගේ මෙන් ම ශාකවල පැවැත්මට ද ජලය අත්‍යවශ්‍ය වේ. වැස්සෙන්, ගංගාවලින්, ළිංආදියෙන් ජලය ලබා ගත හැකි ය. ප්‍රයෝජනයට ගත හැක්කේ ඉන් සීමිත ප්‍රමාණයකි. ජලය මිල කළ නොහැකි අගනා සම්පතකි. සෙබාදහම් මාතාවගෙන් අපට ලැබුණු දායාදයකි. අපට ජීවත් වීමට උපකාරි වන ජලය ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමකි.
මෙතුකි ඔනායා
5 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments