මා දුටු සිහිනය

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:57 - {{hitsCtrl.values.hits}}  

එක දිනයක ක්‍රීඩා පිටියකට ගොස් මගේ යාළුවොයි මමයි ක්‍රිකට් ගැසුවෙමු. කික්‍රට් ගසන විට බෝලය කැලයට ගියේය. මම බෝලය ගැනීමට යෑමේදී ඒ අසල තුවාල වුණු පරෙවියෙක් බිම වැටී සිටියේය. තුවාල වූ ඒ පරෙවියා අතට රුගෙන ගොස්දොස්තර කෙනෙකුට පෙන්නුවෙමි. දවස් දෙකකින් පරෙවියාව සුවකර අපට දුන්නේය. 
අපි නැවත කැලයට ගොස් පරෙවියා නිදහස් කිරීමේදී එක පාරටම පරෙවියා සුරංගනාවියක් බවට පත්විය. අපි පුදුමයට පත්වුණෙමු. සුරංගනාවිය තමාට උදවු කිරීම පිළිබඳ අපට ස්තුතිය පුද කරමින් තෑගි ද දී පිටවී ගියාය. එහෙත් හදිසියේ ම මගේ අම්මා පාසල් යාමට ප්‍රමාද වෙනවා කියමින් මාව අවදි කළාය.  මෙතෙක් වේලා මා දැක ඇත්තේ සිහිනයකි.

මනුල සත්සර කරැණාගම
7 ශ්‍රේණිය,
මහ/විද්‍යාර්ථ විද්‍යාලය,
මහනුවර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...