2025 මැයි මස 03 ප.ව. 06:10 - {{hitsCtrl.values.hits}}
කුඩා කල මාසමග සෙල්ලම් කළ අත්තම්මා මට චිත්‍ර අඳින්න කියා දුන් ඈ නිසොල්මනේ අත් පා බැඳගෙන සිටී. අප නිවසට වෙනදා මෙන් නොව බොහෝ දෙනා පැමිණේ. සැවොම සුදු ඇඳගෙන සිටිති. අම්මා තාත්තා සහ තවත් අයගේ නෙත් කඳුළෙන් බර ය. වෙනදා හැරමිටි වාරැවෙන් ඇවිදගිය අත්තම්මා අද ගල් වී වැතිර සිටී. මගේ මිතුරෝ සුදු ඇඳගෙන අප නිවස දෙසට පැමිණෙති. මට ඔවුන් දුටුව ද මුවගට සිනා නගා ගත නොහැකි ය. අත්තම්මා නැවත මා හා සෙල්ලම් නොකරතැයි යන බිය මට දැනුණි.
මම කිසිවක් තේරැම් ගැනීමට නොහැකිව අතරමං වුණෙමි. අම්මාගෙන් ද මේ ගැන ඇසීමට නොහැකි ය. ඇගේ මුහුණ දුටු මට ප්‍රශ්න නැගීම කළ නොහැකිය. එදා අත්තම්මා අපෙන් බොහෝ දුර ගිය බව දැන් මට තේරේ. ඉතිරි වූයේ සුදු මල් වැලක් එල්ලන ලද සාලයේ ඇති ඇගේ වයස්ගත ඡායාරෑපය පමණි. දැනුදු ඈ කොහේ හෝ සතුටින් සිනාසෙනු මට ඇසේ. මෙය සැමට පොදු සනාතන දහමක් බව දැන් මට තේරේ.
ඉෂාරා හිරැණිකා
12 ශ්‍රේණිය,
මාර/පිටබැද්දර ද්විතීයික පාසල,
පිටබැද්දර.
![]() |
diary Read more... |