2025 මැයි මස 04 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}
“අද නම් හොඳ ගාණක් හමුවුනේ* අයියා කීවේ සිනාමුසු මුහුණෙන්. “ඔව් මේ දවස් වලත් කොළඹ ඉන්න මිනිස්සු ගම්බිම් බලා යනවා අවුරැදු සමරන්න* අම්මා කීවාය. “ආ... මං ටවුමට ගිය වේලාවේ යන්න එන්න විදියක් නැහැ ඒ තරමට පාරේ, කඩ සාප්පු ඇතුළෞ සෙනග. ඒවගේම ඇඳුම්, සපත්තු, කෑමවර්ග, එළවළු වර්ග තවත් එක එක දේවල්වලින් කඩවල් පිරීලා. මං හිතන්නේ සීයකට දෙසීයකට වැඩි වුණොත් මිස අඩුනම් නැහැ* තාත්තා කීවේය. තාත්තාගේ බසින් තුටු වූ නංගී එක්වරම පැවසුවේ “අපි අවුරැද්ද සමරන්නේ නැද්ද ?* කියාය. “අපි කොහොමද ළමයෝ ඒවා කරන්නේ* ඔයයි පොඩි අයියයි ඉස්කෝලේ යවන්නෙත් බොහොම අමාරැවෙන්. එදා වේල කාලා ඔය වැඩ ටික කරගන්න. ලොකු අයියයි, තාත්තයි මොන තරම් දුකක් ද විඳින්නේ මේ ළමයට මේවා තේරැම් ගන්න බැහැනේ. කෝපයෙන් කී අම්මා දිගු සුසුමක් හෙළුවාය.
“අහස අල්ලන්න දුප්පත් අපිට බෑ* කියූ අයියා මා සමග බස් නැවතුම්පොළට ගියේ කීයක් හරි සොයා ගැනීමටය. ඒ අතරතුරේ සිදුවූයේ මහා පුදුම සිදුවීමකි. එක්වරම ලස්සන කළුපාට කාරයකින් පැමිණි මහත්තයෙක් සයිමන් මාමාගේ පලතුරැ කඩය ඉදිරිපසින් බැස්සේය. ඔහු සෑම වර්ගයකම පාහේ පලතුරැ ගත්තේය. අයියත්, මාත් ඉදිරියට ඇදී ගියේ බස් නැවතුමට යන්නේ මේ පැත්තෙන් නිසාය. සයිමන් මාමාගෙන් බඩු ගත් ඔහුගේ පසුමිබියෙන් රැ. 50 ක කොළයක් වැටුණි. මම එය ඇහිද විගසින් දුවගොස් ඒ මහත්තයාට දුන්නෙමි. එවිට මහත්තයා කාර් එකෙන් බැස මගේ ඔළුව අතගා අපේ විස්තර අසා ඔය දරැවා කළේ හොඳ වැඩක් ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ හොඳට ඉගෙන ගන්න කියා මේ අවුරැද්ද ජයට සමරන්න කියා අපට රැ.5000 ක කොළයක් දුන්නේය. මහත්තයට හරි සතුටුයි කීවා. අපි ගෙදරට අවශ්‍ය බඩුයි, ඇඳුම් පැලඳුම්, කැවිලි වර්ග, අහස් කූරැ, අවශ්‍ය බඩු ගොඩක් අරන් මුදල් ටිකකුත් ඉතිරි කරන් ගෙදර ගියෙමු. මෙදා අපිටත් අවුරැද්ද තියෙනවා නේද අයියේ නංගී කීවාය.
සජනි නෙත්මිණි නානායක්කාර
10 වැනි ශ්‍රේණිය,
දොරපනේ මහා විද්‍යාලය,
ඇඹිලිපිටිය.
![]() |
diary Read more... |