කැලිකසළ බැහැර කිරීම
- 2019-11-29 13:51:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කැළිකසළ යනු ඉවත දමන දේවල් වුව ද ඒ මගින් අපට ප්‍රයෝජන රාශියක් ලබා ගත හැකි ය. කැළිකසළ මගින් අපගේ ජීවන රටාව යම් ඉහළ මට්ටමකට ගැනීම අලංකාර හා සාරවත් ගෙවත්තක් ලබා ගැනීමට පොහොර ගෙදරදීම සාදා ගැනීමට හැකි විම යන වාසි තවත් රාශියක් ඇත. එහෙත් මිනිසා මෙවැනි කිසි ප්‍රයෝජනයක් නොමැතිව කසළ අවිධිමත් ලෙස බැහැර කරයි. එම නිසා සතුන් මෙම කැළිකසළ ආහාරයට ගෙන ලෙඩ රෝග සාදාගෙන මිය යනු දැකිය හැකි ය.
කැළිකසළ බැහැර කරනවා නම් අප ඒවා නිසි ලෙස බැහැර කළ යුතු ය. කොළ රොඩු, ඉවතලන ආහාරවල කොටස් එළවළු හා පලතුරැවල ෙකාටස් එකතු කර නිවසේ දී ම කොම්පෝස්ට් පොහොර සාදා ගත හැකි ය. තවද අපට එය සිදු කළ නොහැකි නම් අප කළ යුත්තේ ප්ලාස්ටික්, පොලිතින් හා ඉවතලන අපද්‍රව්‍ය වෙන වෙන ම එකතු කර ප්‍රතිචක්‍රීකරණ රථවලට ලබා දිය හැකි ය.
මනා ලෙස කැළිකසළ බැහැර නොකිරීම මගින් මිනිසා හා සතුන් යන දෙපක්ෂයට ම කරදර රාශියකට මුහුණ දීමට සිදු වේ. මෙම තත්ත්වය නැති කර ගැනීමට අප පුරැදු පුහුණු විය යුතු ය.
නෙත්මි සංජානා
9 ශ්‍රේණිය,
බප/ජය/ ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලය. කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments