2025 මැයි මස 04 පෙ.ව. 09:31 - {{hitsCtrl.values.hits}}
එක්තරා දිනක මම මහමග තනිවූ පුංචි සුරතල් බලු පැටියෙකු දැක්කෙමි. මම ඌට ගොරෝසු රෙද්දක් පොරවා නිවස කරා ගෙන ගියෙමි. ඉන්පසු මවුපියන් හමුවී මෙම කාරණය කියා අවසර ලබා ගත්තෙමි. පාසලේ ගුරැතුමා පවා කියා තිබෙන්නේ අසරණයන්ට පිහිට වන්න කියා ය. ඉන්පසු මම ඌට කෑම බීම දුන්නෙමි. පසු කාලයේ ඌ හොඳට හැදී වැඩී ලොකු වුණේ ය. මේ අතරේ උගේ සැබෑ භාරකාරයා අප ගෙදරට පැමිණ අපට ස්තුති කර බල්ලා ආපසු රැගෙන ගියේ ය. මට හරිම දුක ය. අවුරැදු ගණනක් හදාවඩා ගත් බල්ලා මා දාලා වෙන ගෙදරකට ගියාම දුක නේද කියා මම තාත්තාට ද කීවෙමි. ඉන්පසු තාත්තා මට කීවේ අපට විවිධ අය හමුවෙනවා සමුගන්නවා ජීවිතේ හැටි එහෙම තමයි කියා ය. එම ලෝක ස්වභාවය තාත්තා මට වටහා දුන්නේ ය. එම නිසා අපි මොන වෙලාවෙත් අසරණයන්ට පිහිට වීමට වගබලා ගනිමු.
තුෂිල් ඉන්දීර
7 ශ්‍රේණිය,
ගා/ විද්‍යාලෝක විද්‍යාලය.
![]() |
diary Read more... |