පරිසරය සුරකිමු

2025 මැයි මස 04 පෙ.ව. 08:56 - {{hitsCtrl.values.hits}}  

පරිසරය යනු මිනිසා ඇතුළු සියලුම සතුන් ජීවත්වන වටපිටාවයි. පරිසරය ජීවීන්ගේ පැවැත්මට අමිල මෙහෙයක් ඉටුකරයි. අපට ආහාරපාන, ඇඳුම් පැලඳුම් හා නිවාස සාදාගැනීමට පරිසරය උපකාරී වෙයි. පරිසරයට අයත් අංග කිහිපයක් නම් කඳු, කැලෑ, වනසතුන් හා කුඹුරැ වැනි දේය.
වන විනාශය ගංගා ඇළ දොළවලට, අපද්‍රව්‍ය බැහැර කිරීම, වන සතුන් මරා දැමීම, ඝෝෂාකාරී ශබ්ද පිටකිරීම, පොලිතීන් අවිධිමත් ලෙස භාවිතය සහ රටවල් අතර පවතින යුද්ධ වැනි හේතුවලින් පරිසරය දූෂණය වේ. පරිසරය විනාශ වීම සියලුම ජීවින්ට අයහපත් ප්‍රතිඵල ගෙන දේ. අයහපත් ප්‍රතිඵල කිහිපයක් නම් වැස්ස අඩුවීම, පානීය ජලය හිඟවීම, ස්වාභාවික ආපදා වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යාම, වසංගත පැතිරී යාම හා පස නිසරැ වීමයි. ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම, පොලිතීන් භාවිතය අඩුකිරීම, ගස් කැපීමෙන් වැළකීම, යන දේවල්වලින් හා පැළ සිටුවීමෙන් මෙවැනි හානි අවම කරගත හැක. සියලුම ජීවීන්ට පරිසරයෙන් තොර පැවැත්මක් නැත. එම නිසා පරිසරය ආරක්ෂා කිරීමට අප සැම හිතට ගත යුතුය.

මෝදිත් විත්සුරැ
7 වැනි ශ්‍රේණිය,
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
මතුගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...