ජෙෆ්රි මැනිං බාවා
- 2017-09-08 23:10:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම ගෘහ නිරිමාණ ශිල්පියා ලෙස ජෙෆ්රි මැනිං බාවා හැඳින්විය හැකිය. වෘත්තියෙන් නීතීඥයකු වූ බෙන්ජමින් ඩබිලිව්. බාවා ඔහුගේ පියාය. මව ස්කොට් ජාතික සම්භවයක් ඇති බර්තා මැරියන් කැම්බෙල් ය. බාවා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. කේම්බ්‍රිජ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. 1944 ලන්ඩනයෙන් නීතී උපාධියක් ලබා ගත් ඔහු නීතීඥයකු ලෙස කටයුතු කළේය.
කෙටි කලකින්ම නීති වෘත්තියෙන් සමු ගත් ඔහු ලුණු ගඟ රබර් වතුයාය මිලට ගෙන එය සුන්දරත්වයෙන් යුත් තැනක් බවට පත් කළේය. බෙන්තොට බීච් හෝටලය, සෙරන්ඩිබ් හෝටලය, හෙරිටන්ස් අහුන්ගල්ල, කන්ඩලම හෝටලය, ද ජෙට්වින් ලයිට්හවුස්, බ්ලූ වෝටර් මොහු විසින් නිර්මිත හෝටල් අතරින් කිහිපයකි. ඉන්දියාවේ මදුරායි සමාජ ශාලාව මෙන්ම ඕස්ට්‍රේලියානු ජාතික සිත්තරකු වූ ඩොනල්ඩ් ෆෙන්ඩ්ගේ බාලිහි පිහිටි පෞද්ගලික නිවෙස නිරිමාණය කර ඇත්තේද ඔහුය. බේරේ වැව මැද පිහිටා ඇති සීමා මාලකය, නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, හෙරිටන්ස් ආයුර්වේද මහ ගෙදර හා රැහුණු විශ්ව විද්‍යාලය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේද ඔහුටය.
ජෙෆ්රි බාවා තම නිවෙස ඉදි කිරීම සඳහා තෝරා ගත්තේ බේරැවල කාලවිල නම් ගමයි. නිවෙසක්ම පමණක් නොව එහි අලංකාර උද්‍යානයක්ද නිර්මාණය කළේය. මෙම උද්‍යානය විවිධ කලා නිර්මාණ රුසකින් සමන්විතය. උයනේ සහ මැදුරේ මූර්ති හා චිත්‍ර සියල්ලම නිමැ වී ඇත්තේ මෙම සොඳුරැ මිනිසා අතින්මය. මෙම අසහාය කලාකරැවා තමන් සතු සියලු දේපළ සිය සේවක පිරිස අතරේ බෙදා දී 1992 සැප්තැම්බර් 08 වැනි දින දිවියෙන් සමු ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments