Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යමුද උස්සන්ගොඩ

  • 2017-04-24 13:50:09
  • 0 Comments

120606050 DSC04303දැකුම්කලු මනස්‌කාන්ත බවකින් හෙබි ශ්‍රී ලංකාවේ දකුණුදිග අම්බලන්තොට ප්‍රදේශයේ නෝනාගම මුහුදු තීරයට ආසන්නයෙන් කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයෙන් නෝනාගම මංසන්ධියට පෙර දකුණට හැරී මුහුද දෙසට කිලෝමීටර් 2ක්‌ පමණ දුරක්‌ ගිය විට උස්සන්ගොඩට ආ හැකි ය. කුතුහලය මතු කරන ජන ප්‍රවාද ගණනාවකට මූලික වූ උස්සන් ගොඩ රාවණා රජ කාලය දක්වා ගමන් ගනී. තැනිතලා භූමිය පරදා නැඟී සිටින කඳුගැටය සුන්දරතාව වඩ වඩාත් ඔප් නංවයි. මෙවර මාගේ සංචාරයට තෝරාගත්තේ ඒ උස්සන්ගොඩයි.

ප්‍රදේශයේ පැතිර ඇති දුඹුරු පැහැයට හුරු රතු පැහැ ගත් පස්‌ තට්‌ටුව, මදටිය ඇට පැහැයෙන් යුතු බිම්කඩ පුරා ගහක්‌ කොළක්‌ නොමැතිව වැවී ඇති තෘණ විශේෂයක්‌ අතරින් පතර තැන් කිහිපයක පවතින කුඩා පඳුරු කිහිපයක්‌ හැර වෙන යමක් නැත. නමුත් අපූර්රත්වයක් එහි ගැබිව තිබේ.
වර්ග කිලෝමීටරයක්‌ පමණ වූ කුඩා බිම් කඩක පිහිටි මෙය වටා ගෙතුණු කතාන්දර රැසකි. උල්කාපාතයක්‌ කඩා වැටී ඇති බව එක් කතාවකි. මේ ආසන්න වායුගෝලයේ දී උල්කාශ්මයක්‌ පිපිරී ගොස්‌ ඇති බව තවත් කතාවකි. මෙහි පාෂාණ කොටස්‌ කළු පැහැයට ආසන්න දුඹුරු-රතු මිශ්‍ර පැහැයක්‌ ගැනීමත් උණු වී ද්‍රව වී ගිය ස්‌වරූපයක්‌ පෙවීම උල්කාපාතයක්‌ පිපිරීමේ දී පිට වන අධික තාපය මඟින් පාෂාණ උණු වී ගොස්‌ ඇති බවට විශ්වාස තවත් විශ්වාසයකි. රාවණා රජු ගේ දඬුමොණර යානය බැස්‌වූ ප්‍රදේශය ලෙසින් ද මෙම ප්‍ර දේශය හඳුන්වයි. මේ මොන දේ වුනත් සංචරය කිරීමට නම් අපර්ව පරිසර පද්ධතියකි. 

උස්‌සන්ගොඩ දැනට වසර මිලියන ගණනාවකට ප්‍රථම මේ උස්‌බිම් හා විජයානු සංකීර්ණ අතර තල මායිමේ මැග්මා ක්‍රියාකාරිත්වයෙන් හට ගැනුණා වූ පාෂාණයක්‌ සහිත ප්‍රදේශයක් ලෙස විද්‍යාඥයින්ගේ මතයි.

ප්‍රදේශයක ම දක්‌නට ලැබෙන සුවිශේෂී ලක්‌ෂණයක් වන්නේ ශාක රහිත තැනිතලා බවයි. මේ පරිසර පද්ධතිය පසට ආවේණික තෘණ විශේෂයක්‌ පමණක්‌ දක්‌නට ලැබෙන සුවිශේෂී පඳුරු ශාක විශේෂයක්‌ තැන තැන වැවී පවතී. P6140118

උස්‌සන්ගොඩ හා බැඳුණු ජන ප්‍රවාද වැඩි ප්‍රමාණයක් මිථ්‍යාවක් ලෙස සැලකේ. නමුත් මෙහි ඇති සුන්දරතාව සුවිශේෂී ය. මෙහි ඇති පස යොදාගෙන නිකල් වැනි අධික වටිනාකමින් යුතු ලෝහ නිස්‌සාරණය කර ගැනීමට පවා හැකියාවක්‌ තිබේ. එහෙත් ආවේණික පරිසර පද්ධතියක්‌ සහිත සර්පෙන්ටීන් නිධිය සංචාරක ආකර්ෂණයට බඳුන් කළ හැකි ය. භූ විද්‍යාත්මක උද්‍යානයක්‌ ලෙසින් සංවර්ධනය කර විනෝදය හා සංචාරය සඳහා මේ ප්‍රදේශය දියුණු කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට තරුණ ප්‍රජාවට ජීවන මං විවර කළ හැකිය. මේ නිසා බොහෝ කාලයක්‌ මෙම සුවිශේෂී පරිසර පද්ධතිය හා දුර්ලබ පාෂාණ ජනතාවට දැකබලා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇත.

පිටසක්වළ ජීවීන් සමග සෘජු සබඳතාවක් පවත්වා ගන්නා බිමක් ලෙස හඳුන්වන උස්සන්ගොඩ වටා ගෙති ඇති ජනකතා අතර හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් ලෙසටත් උස්සන්ගොඩ හඳුන්වා දෙනවා. දුර්ලභ ඖෂධ වර්ග රැසක් බිමෙහි දකින්න පුළුවන්. මුහුද දෙසට නෙරා ගිය තැන්නේ සිට මුහුද දෙස බැලීමත් ආස්වාද ජනක අත්දැකීමකි. ඉන්දියන් සාගරයේ සොඳුරු මනරම් දසුන් මෙහි සිට නැරඹිය හැතිය. විද්‍යාර්ථයින්ට, පරිසර හිතකාමීන්ට උස්සන්ගොඩ විශ්ව විද්‍යාලයකි. ගිහින් බලන්න පරිසර මිහිර විඳින්න.

තිලක් ඉන්දික සෙනෙවිරත්න

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.