.
දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය නොබෙල් සම්මාන ලාබභී මලාලා යුසෆ්සායි සිය අධ්‍යාපන කටයුතු වැඩිදුර හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත යාමට තීරණය කර තිබේ. විසි හැවිරිදි ශිෂ්‍යාවක වන ඇය දර්ශනය, දේශපාලනය හැදෑරීමට නොඉවසිල්ලෙන් පසු වන බව ඇය පවසා ඇත. පාකිස්තානයේදී තලේබාන් සටන්කරුවකුගේ වෙඩි පහරකට ලක් වූ මලාලා 2012 දී ලෝකා පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූවාය.වෙඩි පහරින් ඇගේ හිසට බරපතල ලෙස තුවාල විය. 2012 දී තලෙයිබාන් තුවක්කුකරුවකු විසින් එල්ල කරණ ලද ඒ ඇය ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ කගමින් සිටිය දී ය. ඇය දැන් බ්‍රිතාන්‍යයේ වාසය කරයි. අනතුරුව බර්මින්හැම් නගරයේදී ප්‍රතිකාර ලබා එහි සිට සිය අධ්‍යාපනය හැදෑරූ මලාලා නොබෙල් සාම ත්‍යාගය දිනූ ලාබාලම තැනැත්තියයි.
(තිලක් ඉන්දික සෙනෙවිරත්න)