තොරතුරු දැනගැනීම පුරවැසියන්ගේ අයිතියකි
- 2016-12-13 16:55:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැඳින්වීම නූතන ලෝකයේ රාජ්‍ය යන්නෙන් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රීය ලෙස මහජනතාවගේ ඡන්දයෙන් පත් කර ගන්නා මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලද්දකි. රාජ්‍යය පවත්වා ගෙන යන්නේ මහජන මුදලිනි. රජයේ ආයතන, දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා ද, සේවක වැටුප් සඳහා ද, මහජන නියෝජිතයන් වැටුප්, දීමනා හා පහසුකම් ද, පොදු සේවා සඳහා ද වැය කරන්නේ මහජන මුදල්ය. මහජන මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍යයක කෙරෙන කටයුතු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහජනයාට අයිතියක් තිබෙන බව බැලු බැල්මටම පෙනේ. එහෙත් සාමාන්‍යයෙන් කිසිදු රාජ්‍ය ආයතනයකට ගොස් තමන්ට අවශ්‍ය තොරතුරක් ඉල්ලා ගැනීමට පහසුකමක් හෝ හැකියාවක් හෝ අයිතියක් හෝ මහජනයාට ලබා දී නැති බව ප්‍රායෝගිකව කවුරුත් දන්නා කරුණකි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජය දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල් සිය පුරවැසියන්ට රාජ්‍යයේ විවිධ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නීතිගත කර ඇත. ඒ සඳහා පිලිවෙත් සම්පාදනය කර ඇත. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවද මහජන ආයතනවලින් මහජනයාට තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නීතිගත කර ඇත. ඒ සඳහා වූ නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතිනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම පනත සම්මත කරන ලද්දේ 2016 අගෝස්තු මස 4 වන දිනදීය.
නීතිමය පසුබිම තොරතුරු දැන ගැනීම පුරවැසියා සතු අයිතිවාසිකමක් ලෙස අන්තර්ජාතික වශයෙන් පිළි ගනී. ඒ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 19වන වගන්තිය මගින් තොරතුරු ඉල්ලා සිටීමට, බෙදා දීමට හා ලැබීමට ඇති අයිතිය, ප්‍රකාශනයේ සහ අදහස් පළ කිරීමේ මූලික අයිතියේ කොටසක් ලෙස පිළි ගැනේ. එසේම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේද සිතීමේ නිදහස පිළි ගෙන ඇත. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය එයින් පිළිබිඹු වේ. එයට හේතුව වන්නේ තොරතුරු නොමැතිව සිතීමේ නිදහස සම්පූර්ණයෙන් භුක්ති විඳිය නොහැකි වීමයි.
පනතේ කාර්යයන්
තොරතුරු ලබා දීම හා ප්‍රතික්ෂේප කිරීම ඕනෑම මහජන ආයතනයක් සතුව පවත්නා තොරතුරු දැන ගැනීමට මහජනයාට අයිතිවාසිකම ඇති බව පනතේ 3 වැනි වගන්තියෙන් කියවේ. එහෙත් මේ නිසා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාදවලට බාධාවක් ඇති නොවේ. පනතට අනුව හෙළිදරව් නොකළ යුතු යැයි ගැනෙන පහත සඳහන් තොරතුරු ද මහජන යහපත සඳහා අවශ්‍ය වන්නේ නම් පනතට අනුව හෙළිදරව් කළ යුතුය.
එසේම එවැනි සමහර තොරතුරු අවුරුදු දහයක් පැරණි ඒවා නම් ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකිය.
තොරතුරු නිලධාරීන් මෙම පනත යටතේ කර ඇති නියමයක් නම් සෑම මහජන අධිකාරියකම තොරතුරු නිලධාරියකු සිටිය යුතු බවයි. මහජනයාට අවශ්‍ය තොරතුරු ඉල්ලා තොරතුරු නිලධාරි වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකිය. අදාළ පරිදි තොරතුරු ලබා දීම එම නිලධාරියාගේ රාජකාරියයි. තමන් වෙත විධිමත්ව ඉල්ලීම ලැබී වැඩකරන දින දහහතරක් ඇතුලත එම තොරතුරු ලබා දිය යුතුය. ඒ එසේ කල හැකි බව නොපමාව අයදුම්කරුට දැන්විය යුතුය. ඉල්ලා සිටින තොරතුරු පුද්ගලයකුගේ ජීවිතය හෝ පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් වන විට එම දැනුම් දීම පැය හතළිස් අටක් ඇතුළත කළ යුතුය.
කොමිෂන් සභාව පනතේ නියමය අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට නියමිතය. එය ස්වාධීන කොමිෂන් සභාවකි. පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව තොරතුරු සම්පාදනය නියාමනය කිරීම කොමිෂන් සභාව විසින් කරනු ලැබේ. ඒ අනුව තොරතුරු නිලධාරීන් විසින් සිය කාර්යය ඉටු කිරීමට අදාළ පිලිවෙත් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබේ. එපමණක් නොව තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් මහජනයා විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීමද කොමිෂන් සභාවේ කාර්යයකි.
නීතිමය වශයෙන් කෙබඳු තොරතුරු ලබා ගත හැකිද? රාජ්‍යය විසින් සියලු කාර්යයන් කරනුයේ මහජන මුදල් යොදවමිනි. එබැවින් මහජන මුදලින් ක්‍රියාත්මක වන කුමන හෝ ආයතනයක කෙරෙන කාර්යයන් පිළිබඳ තොරතුරු මහජනයාට ලබා ගත හැකිය. එහි දී පනත විසින් සීමා කර ඇති තොරතුරු ලබා ගත නොහැකිය. එහෙත් යම් තොරතුරක් මහජන සුභ සිද්ධිය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ යැයි නිශ්චය කරනු ලබන්නේ නම් එම තොරතුරු ලබා ගැනීමට අයදුම්කරුට අවකාශය සැලසේ.
අභියාචනා කිරීම යම් තොරතුරක් තමන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් අයදුම්කරුවකු විසින් අභියාචනයක් ඉදිරිපත් කල හැකිය. එහි පියවර මෙසේ දැක්විය හැකිය.
ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය බන්දුල පී. දයාරත්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න- විජය සෑම අඟහරුවාදම නිකුත්වේ
Reply To:
Name - Reply Comment
0 Comments