Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ චන්ද්‍ර ගවේෂණ හා අභ්‍යවකාශ වැඩසටහන් මධ්‍යස්ථානයට අනුව, චැංග්-4 ගවේෂණ යානයේ ලෑන්ඩර් යානය සහ රෝවරය පසුගිය 29දා වනවිට චන්ද්‍රයා මත පෘථිවි දින 1,000ක් වැඩ කර ඇති බව පවසයි.

ලෑන්ඩර් යානය සහ යූටු-2 රෝවරය හොඳ තත්ත්වයේ ඇති අතර, සඳ මතුපිට විද්‍යාත්මක ගවේෂණය දිගටම කරගෙන යාමට හැකි බවත් චීනය පෙන්වා දෙයි.

චැංග්-4 ගවේෂණ යානයේ යූටු-2 රෝවරය මීටර් 839.37ක් ගමන් කර ඇති අතර, ගිගාබයිට් 3,632.01 දත්ත එකතු කරගැනීමට සමත්ව තිබේ.

චන්ද්‍ර ගවේෂණ හා අභ්‍යවකාශ වැඩසටහන් මධ්‍යස්ථානය විසින් පර්යේෂණයේ නවතම සොයා ගැනීම් අඛණ්ඩව ප්‍රකාශයට පත් කෙරේ.

2018 දෙසැම්බර් 8දා දියත් කරන ලද චැං-4 ගවේෂණ යානය 2019 ජනවාරි 3දා සඳෙහි දකුණු ධ්‍රැවීය අයිට්කන් ද්‍රෝණියේ වොන් කර්මන් ආවාටයට ප්‍රථම වරට මෘදු ගොඩබෑමක් සිදුකරන ලදී

නරේන් විශ්වජිත් (www.ada.lk)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.