ජපානයේ පාලක පක්ෂයම මහ මැතිවරණ ජය ගනී
- 2021-11-01 14:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපානයේ මහ මැතිවරණයෙන් පසු ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සහ එහි හවුල්කාර කොමේටෝ එක්ව, පාලක සභාගය එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී ආසනවලින් බහුතරයක් යළි දිනාගැනීමට සමත්ව තිබේ.
නව අගමැති ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුතු LDP ආසන 261ක් ලබා ගනිමින්, ආසන 465කින් යුතු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය තනිව ලබාගත් අතර, එහි හවුල්කාර කොමේටෝ ආසන 32ක් හිමිකර ගත්තේය.
ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයේ බහුතර ආසන සංඛ්‍යාව සමග සියලු ස්ථාවර කමිටු ඵලදායි ලෙස පාලනය කිරීමට සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය මෙහෙයවීමට පාලක කණ්ඩායමට හැකියාව ලැබේ.
Reply To:
Name - Reply Comment
0 Comments