Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිනකට මුහුණු ආවරණ මිලියන 06ක් පරිසරයට එකතුවෙන  බවත් මීලග පාරිසරික අර්බුදය මුව ආවරණවලින් ආරම්භ විය හැකි බවත්න්න පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අපේ රටේ සියලුම ජනතාවට ඉන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ භාවිතා කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම ඇතැම් ආයතනවල රබර් අත්වැසුම් භාවිතා කරනවා. පරිසර අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරු අනුව දිනකට ශල්‍ය මුව ආවරණ මිලියන 05ක් සහ KN 95 වර්ගයේ මුව ආවරණ මිලියන 01ක් පමණ පරිසරයට බැහැර කරනවා. මුව ආවරණ පැළඳීමට සෞඛ්‍ය අංශ  විසින් උපදෙස් ලබා දුන්නාට ඒවා නිවැරදිව බැහැර කිරීම සම්බන්ධව මෙතෙක් නිවැරදි උපදෙසක් මහජනතාවට ලැබී නැහැ."

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (20) මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දීය.

"දැනට තිබෙන තත්ත්වය අනුව මුව ආවරණ භාවිතයේ දී කොටස් තුනක් ඒවා භාවිතා කරනවා. එකක් තමයි ආසාදිත පුද්ගලයින්. අනෙක් කාණ්ඩය තමයි ආසාදිතයින් ඇසුරු කළ ආශ්‍රිතයින් ලෙස නිරෝධායනය වන අය. අනෙක් කණ්ඩායම පොදුවේ ඉන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පළඳින අය.

ආසාදිත පුද්ගලයින් හා නිරෝධායනය වන පුද්ගලයින් බැහැර කරන මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විදිමත් පරිදි බැහැර කරන බව පැහැදිලියි.

ලොකුම ගැටළුව තමයි පොදුවේ කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැළඳ සිිටින අය. සමහරු මුව ආවරණ ඉවත් කරන්නේ කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් නොවෙයි. තමන්ට හිතෙන පරිිද ඒවා ඉවතට වීසි කර දමනවා. කොවිඩ් 19 වෛරසය එම බැහැර කරන මුව ආවරණවලින් නැවත ව්‍යාප්ත වෙන්න පුලුවන් වගේම මේවා මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ගංගා ඇළදොළවලට මිශ්‍ර වෙලා ඒ හරහා ජලයට කොවිඩ් 19 වෛරසය එකත් විය හැකියි.

පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුනා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වෛරසය සහිත බව තහවුරු වුනා. ඒ නිසා අපේ රටේත් ගංගා පද්ධතිය ආශ්‍රිතව මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවේවි.

ඒ නිසා මම කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට සකසා  ඇති කොවිඩ් 19 වළක්වාලීමේ මාර්ගෝපදේශණ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පළාත්පාලන ආයතනවලට උපදෙස් දිය යුතුයි. මුව ආවරණ දිනකට මිලියන 06ක් එකතු වෙනවා කියන්නේ මාසයකට මිලියන 180ක්. එමනිසා මෙම කාරණයට අදාලව දැඩිව අවධානය යොමු කරන්න"

  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.