ශබ්ද දූෂණයේ නීති තරකරන්නැයි විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක්

2024 දෙසැම්බර් මස 03 පෙ.ව. 02:33 - {{hitsCtrl.values.hits}}  

මත්ස්‍යයින්ගේ සිට පක්ෂීන් දක්වා සියලු සත්වයන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන්, ශබ්ද දූෂණය වන ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම් සඳහා  නීති පනවන්නැයි විද්‍යාඥයෝ ඉල්ලීමක් කරති.

 කිලෝහර්ට්ස් 4ට වැඩි අගයක් ගන්නා ශබ්ද දූෂණ දෛනිකව සිදුවීම බරපතල බව ඔවුහු පෙන්වා දෙති. වාහන තදබදය, ගුවන්යානා සහ නාවික කටයුතු, තෙල් කැණීම් ආදී ශබ්ද දූෂණය සිදුවන අවස්ථා හේතුවෙන් සතුන්ගේ අතිශය සංවේදී සන්නිවේදන ක්‍රියාකරකම්වලට බාධා සිදුව ඇති බව අධ්‍යයන 100කට ආසන්න ප්‍රමාණයකින් මේවනවිට සොයාගෙන ඇත. මිනිසාගෙන් වන ශබ්ද දූෂණයට පෙර සහ පසු විවිධ ආකාරයේ සතුන්ගේ හැසිරීම්, හෝමෝන ක්‍රියාකාරීත්වය සොයාබැලීමට මෙම අධ්‍යයනය කර තිබිණි.

 ශබ්ද දූෂණය මිනිසාගේ සෞඛ්‍යය ඉතාම දුර්වල මට්ටමකට පත්කරන බවද, සතුන් ආහාර සොයාගන්නා, ඔවුන් ජීවත්වන, ඔවුන් සන්නිවේදනය කරගන්නා පරිසරයටද බාධාවක් බව විද්‍යාඥයෝ කියති.  "උදාහරණයක් විදියට වවුලන් ගොදුරු සොයාගන්නෙ ඔවුන් පියාඹා යන මාර්ගයට යම් ශබ්දයක් පිටකරලා, එය ගොදුරෙහි වැදී නැවත වවුලා වෙත එන තරංග අනුවයි. ඒ තරංග ගමන්කරන මාර්ගයේ ශබ්ද දූෂණයක් පැවතුණොත්, ඔවුන්ට ගොදුර ගැන දැනෙන තරංගවල කම්පන නොදැනී යනවා. ඉතිං ඔවුන්ට ගොදුරක් අල්ලාගැනීමට නම් බොහෝ ශක්තිය වැයකරගෙන බොහෝ දුර පියඹන්න සිදුවනවා " යැයි මෙම අධ්‍යයනක යෙදුණු අයර්ලන්ත ජාතික, ආචාර්ය හන්ස්ජෝග් මහතා කියයි.

 "අපි නිතරම කාලගුණ විපර්යාස, රසායනික ද්‍රවය හේතුවෙන් වන දූෂණය, ප්ලාස්ටික් අවභාවිතය වැනි දෑ ගැන කතාකළත්, නාගරික පරිසරයට පොදු ශබ්ද දූෂණය ගැන කතාකරන්නේ නැහැ. එය මිනිසුන්ට විතරක් නෙමෙයි, වන සතුන්ටත් අහිතකර දෙයක්" යැයිද පැවසීය.

(ද ගාඩියන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...