Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීයව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් නවක ගුරුවරුන් බඳවාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස්  දි ඇත.

ඒ අනුව, පසුගිය වසරේ නොවැම්බර් 25 වැනි දින අදාළ බඳවාගැනීම් සඳහා වන තරග විභාග පවත්වා  ඇත.

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව, ගුරු සේවයේ 3-1 ( අ) ශ්‍රේණියට අදාළ ව මෙම ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු සම්පාදනය කරන ලද අතර,  ජාතික පාසල් සහ සියලු පළාත් පාසල්වල පවත්නා පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට තීරණය කොට තිබිණි. 

එහෙත් මේ සඳහා පළාත් පාසල්වලට අදාළ බඳවාගැනීම් සිදුකිරීමට එකඟතාව පළ කරන ලද්දේ සබරගමුව හා වයඹ පළාත් පමණි. ඒ අනුව මේ සඳහා පැවති තරග විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් අතරින් අදාළ පළාත් සහ ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු සඳහා,  සම්මුඛ පරීක්ෂණයෙන් සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන් අතරින් අදාළ බඳවාගැනීම් ඉදිරියේ දී  සිදුකෙරේ.

ජාතික පාසල් සඳහා පවත්නා පුරප්පාඩු 232 ක් (සිංහල මාධ්‍ය 184ක් සහ දෙමළ මාධ්‍ය 48ක්) මෙන්ම, වයඹ පළාතේ පුරප්පාඩු 341ක් (සිංහල මාධ්‍ය 274ක් සහ දෙමළ මාධ්‍ය 67ක්) වෙනුවෙන් ද, සබරගමුව පළාතේ පුරප්පාඩු 235ක් (සිංහල මාධ්‍ය 182ක් සහ දෙමළ මාධ්‍ය 53ක්) වෙනුවෙන් ද මෙම බඳවාගැනීම් සිදුකෙරෙන අතර, ලිඛිත පරීක්ෂණය සමත් වූවන්ගෙන් පුරප්පාඩු සංඛ්‍යාව මෙන්  පස්ගුණයක් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ.

ඉන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් ප්‍රායෝගික පරික්ෂණය වෙත කැඳවනු ලැබේ.

ඒ අනුව මෙම බඳවාගැනීම්වලට අදාළ ව සම්මුඛ පරීක්ෂණ කටයුතු 2019-05-31 සිට 2019-06-10 තෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.

ලිඛිත පරීක්ෂණයෙන් සමත් හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් අයදුම්කරුවන් වෙත ඔවුන් ලබාගත් ලකුණුවල එකතුව අනුව, කුසලතා අනුපිළිවෙළ තීරණය කර අදාළ පත්වීම් ලබාදීමට නියමිතයි. (ada)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.