අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි
- 2018-10-25 09:45:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කළ බව එහි ලේඛාධිකාරි අබ්දුල් සතාර් මහතා උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා තරයි.
තාක්ෂණ පීඨයේ සිසුන් පස්දෙනෙකුගේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කිරිම සහ සහ පන්ති තහනම් කරන ලද සිසුන් ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තාක්ෂණ පීඨයේ සිසුන් විරෝධතා පැවත්වු අතර එයට පිළිතුරක් නොලැබීම හේතුවෙන් සිසුන් විසින් පරිපාලන ගොඩනැගිල්ල අත් පත් කරගෙන ඇත.මෙම ගැටළුකාරී තත්ත්වයන් හේතුනේ විශ්ව විද්‍යාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන තිබේ. මෙම පරිපාලන ගොඩ නැගිල්ල අත්පත් කර ගැනිමත් සමගම විශ්ව විද්‍යාලයේ පරිපාලනය මුලුමනින්ම බිද වැටි ඇති බවද ලේඛාධිකාරිවරයා පවසා ඇත.
දැනට දින 08 ක පමණ කාලයක් මෙම විශ්ව විද්‍යාලය තුළ කිසිම පරිපාලන කටයුත්තක් කිරිමට නොහැකි වු අතර එම නිසා විශ්ව විද්‍යාලය පවත්වා ගෙන යෑමට නොහැකි වු නිසා මෙම පියවර ගත් බවද සදහන් කළේය. අධ්‍යනය කරන සිසුන් සදහා භාණ්ඩ මිලදී ගැනීම් සිදු කිරිමට ඇතත් මෙම විරෝධය හේතුවෙන් එම කටයුතුද ඉටු කිරීමට නොහැකි වු වී තිබේ.
මේ පිළිබද විරෝධය දක්වන සිසුන්හු පවසනුයේ ආසාධාරණ ලෙස සිදුකරන ලද ශිෂ්‍ය භාවය අහෝසි කිරිම සහ පන්ති තහනම ඉවත් කරනතුරු මෙම අරගලය ඔවුන් දිගටම පවත්වන බවයි.(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments