අඟහරු පෘථිවියට ආසන්න වෙයි

2025 මැයි මස 20 ප.ව. 12:37 - {{hitsCtrl.values.hits}}  

වසර 15කට පසුව අඟහරු පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (30)  සහ හෙට (31) දිනයේදී දැක ගත හැකිය. අඟහරු රතු – තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ. අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව මහජනතාවට හිමි කරදෙමින් රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් හෙට (31) කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අහස නිරීක්ෂණ කඳවුරු රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වේ.(GOV)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...