අඩුපහසුකම් සහිත සිසුන්ට චීනයෙන් මුහුණු ආවරණ 125000ක්
- 2020-05-28 13:11:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දීම සඳහා මුහුණු ආවරණ 125000ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරිත්‍යාග කළේය.
පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු මෙම මුහුණු ආවරණ බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසින් ප්‍රධනය කළේය.
COVID-19 වසංගතයට එරෙහි සටනේදී චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය දක්වන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් අගය කළ අතර නැවත පැමිණෙන සිසුන්ට එය බෙහෙවින් උපකාරී වනු ඇතැයි පැවසීය.
චීනයෙන් පරිත්‍යාග කරන ලද විශාලතම වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. පරීක්ෂණ කට්ටල 70 දහසකට වැඩි ප්‍රමාණයක් සහ තවත් මුහුණු ආවරණ, ඇස් ආවරණ ඇතුළුවිශාල තොගයක් චීනය මෙසේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments