Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි  ළමුන් පිරිසක් රැගත්  පුද්ගලික බස්රථයක්  අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත්කර තිබේ.

  අද (19දා) උදෑසන 08.30 පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සඳහා එකවර රථය නතර කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයකයකි. අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබේ.

රාහුල් සමන්ත

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.