2025 මැයි මස 16 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}
වසරක සේවාරම්භක පුහුණුවක් ද සමගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට නවක නිලධාරීන් 198 දෙනෙකු බඳවාගැනීම ඊයේ (16දා) සිදුවිය.
මෙම නවක පත්විම්ලාභීන් 2017.01.17 දින සිට මාස 12 ක සේවාරම්භක පුහුණු වැඩසටහන සඳහා මහරගම, ව්‍යවසායකත්ව කළමනාකරණ අධ්‍යාපන විද්‍යාපීඨයට යොමු කෙරේ.
ඉන්පසුව දිවයින පුරා පිහිටි පළාත් අධ්‍යාපන කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ ජාතික පාසල්වල පවතින පුරප්පාඩු අනුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විෂයය අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් මෙම නිලධාරින් ස්ථාන ගත කරනු ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |