අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි
- 2017-01-31 11:19:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හඳුනාගත් පුරප්පාඩු 852ක් පැවති බව අනාවරණය වූ අතර, එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අදාළ තරග විභාග මේ වනවිටත් පවත්වා අවසන් කර තිබෙනවා. ඒ අනුව, විවෘත පදනමින් තරග විභාගය සමත් වූ අයදුම්කරුවන් අතුරින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව තෝරාගත් 163 දෙනෙකු පසුගියදා (2017-01-16) අධ්‍යාපන පද්ධතියට බඳවා ගනු ලැබුවා. මීට අමතරව සීමිත පදනමින් නිලධාරීන් 515 දෙනෙක් බඳවාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ අද (30) දින ඇරඹුණා. මේ හා සමගාමීව කුසලතා පදනම යටතේ ද අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 118ක් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන් ම, ගුරු අධ්‍යාපනඥ සේවයේ නව සේවා ව්‍යවස්ථාවට නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ අනුව III ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනෙක් 2-II ශ්‍රේණියට උසස් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකර අවසන්. නව සේවා ව්‍යවස්ථාවට අනුව බඳවාගැනීමට නියමිත පළමු නිලධාරීන් 1190 දෙනා වෙනුවෙන් දැනට තරග විභාග පවත්වා අවසන් කර ඇති අතර, ඉදිරියේ දී අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කෙරෙනු ඇති.
2017 වසර ඇතුළත ශ්‍රි ලංකාවේ අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු සේවාවන්හි, එනම්, ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ දැනට පවත්නා සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ඉලක්කය වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙනවා.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments