Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර දී පැවැති අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුන් තිදෙනෙකු ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්ව ඇත.

අප්‍රේල් මස 19 දා සිට 25  දා දක්වා  පැවති  අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුළුව ද්වීතියික පාසල් සිසු සිසුන් අභිමුඛ කරගත් පර්යේෂණ පදනම් වු තරගාවලියක් ලෙස පවත්වනු ලැබීය. ලෝකයේ රටවල් 60ක තරගකරුවන් මෙම තරගාවලියට එක්ව සිටි අතර තරගාවලිය සඳහා සිසුන් විසින් පර්යේෂණ පත්‍රිකා 215 ඉදිරිපත් කර තිබුණි.

පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තරඟය හා පෝස්ටර් ඉදිරිපත් කිරිමේ තරගය වශයෙන් ආකාර දෙකකින් පවත්වන ලද මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම වෙනුවෙන් දිනාගෙන ඇති අතර, පෝස්ටර් ඉදිරිපත් කිරිමේ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිදෙනාම රන් පදක්කම් දිනාගැනීම සුවිශේෂී කරුණකි.

පෝස්ටර් ඉදිරිපත් කිරීම වෙනුවෙන් (Poster Presentation) ලද ජයග්‍රහණයන්

රකිඳු වික්‍රමරත්න - නාලන්දා විද්‍යාලය - රන් පදක්කම

සමාෂි විහන්ගා මුණවීර - සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය - රන් පදක්කම

සවන්දී සේනානායක - මහනුවර උසස් බාලිකා විද්‍යාලය - රන් පදක්කම


 පර්යේෂණ පත්‍රිකා (Research Presentation) වෙනුවෙන් ලද ජයග්‍රහණයන්

රකිඳු වික්‍රමරත්න - නාලන්දා විද්‍යාලය - රිදී පදක්කම

සමාෂි විහන්ගා මුණවීර - සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය - ලෝකඩ පදක්කම

සවන්දී සේනානායක - මහනුවර උසස් බාලිකා විද්‍යාලය - ලෝකඩ පදක්කම

නිරෝෂා ප්‍රියදර්ශනි 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.