අන්තර්ජාතික ගණිත තරගාවලියට යන සිසුන්ට ගුවන් ටිකට්පත්
- 2019-07-25 17:09:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව පුරා සිසුන්ගේ ගණිත කුසලතා මැන බැලෙන අන්තර්ජාතික ගණිත තරගාවලියට මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇති අතර, ඊට අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී එළඹෙන 01 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වෙන අන්තර්ජාතික ගණිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවරත් සිසුන් 16 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.
1999 වසරේ සිට අඛණ්ඩව වසරක් පාසා පැවැත්වෙන ලෝකයේ රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන මෙම තරගාවලියට 2011 වසරේ සිට ශ්‍රී ලංකාවද සහභාගි වී ඇති අතර, අවස්ථා රැසකදී සිසු දරුවන් රැසක් ජයග්‍රහණ හිමි කරගෙන තිබේ.
අන්තර්ජාතික ගණිත තරගාවලිය සඳහා සහභාගි කරවනුයේ, ගණිත විෂයයට අදාළව පාසල් මට්ටමින් පළාත් මට්ටමටත්, අනතුරුව ජාතික මට්ටමටත් තෝරාගැනෙන සිසුන් අතරින් අන්තර්ජාතික තරගාවලිය සඳහා තෝරාගැනීම වෙනුවෙන් පවත්වන ලද පරීක්ෂණයෙන් සමත් වන සිසුන්ය.
Reply To:
Name - Reply Comment
0 Comments