Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME ) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.

ටයිම් සඟරාව විසින් මෙම ලැයිස්තුව නම් කරනු ලැබුවේ පළමු අවස්ථාවටය.  ක්‍රීඩාව, ව්‍යාපාරික, සෞන්දර්යය, දේශපාලනය, විද්‍යාව, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා අනාගතය වෙනස් කරනු ඇතැයි සැලලෙක පුද්ගලයන් 100ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

මෙම සටහනට වයස් භේදයිකින් තොරව පුද්ගලයන් නම් කර ඇති අතර ළාබාලම පුද්ගලයා අවුරුදු 14ක් වන අතර වයසින් වැඩිම පුද්ගලයාට අවුරුදු 44ක් වෙයි.

ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරන්නීය.

“බෙන්තොට හබුරුගල ඉපදිලා-5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා- විසාකා එකට ගිහින්- කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන - 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා - 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න- ලෝකේ අනාගතයේ බලවත් වේ යැය් TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින්”  යැයි ඇයි මේ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.