Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනුරාධපුරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන පෙත් මං 6 ක් ඉදිකෙරෙන නගරයේ අනවසර ඉදිකිරීම් ලෝලූ ගස් වැවට රැගෙන යාමට කටයුතු කරන බවත්, අතීත ශ‍්‍රී විභූතියෙන් පිරි අනුරපුර නගරය නවීන තාක්ෂණයට යටත්ව සංවර්ධනය කරන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

එසේම අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප‍්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් ඔහු පැවැසීය.

රුපියල් මිලියන 53 ක වියදමින් සංවර්ධනය කරන ලද ජය ශ‍්‍රී මහා බෝධින්වහන්සේගේ නැගෙනහිර ප‍්‍රවේශ මාර්ගය බැතිමතුන් උදෙසා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය අවට ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙන් කොට වෙනම ශුද්ධ නගරයක් හැටියට පවත්වා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ද්වාර 6 ක් ඉදිකරන්න සැලසුම් සකස් කර තිබෙන්නේ.

එයින් පසුව ද්වාර 6 සිට ජය ශ‍්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ අටමස්ථානය දක්වා දිවයන පෙත්මං මේ ආකාරයටම සුන්දරව පවත්වාගැනීම තමයි අපගේ සැලැස්ම. ඒ සඳහා අපේ ශ‍්‍රී ලංකා රජයේ අරමුදල් පාවිච්චි කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තුවනවා අනුරාධපුරයේ ජලය බැස යන ඇල මාර්ග 6 ක්, ඒ වගේම දුම්රිය ස්ථාන සහ බස්නැවතුම්පළ එකට යා කරන ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ප‍්‍රංශ ආධාර යටතේ කටයුතු කරන්න.

එහි පළවෙනි ව්‍යාපෘති 6 මේ වසරේදී ආරම්භ කරනවා. ඒ වගේම විදේශ අරමුදල් වලින් කොටසක් නගරයේ අනෙකුත් පහසුකම් නැංවීමට ඉදිරි වසර 03 දී අපි කටයුතු කරනවා. සුරම්‍ය නගරයක් ගොඩනැගෙන කොට පූජා භූමිය ඉතාමත්ම හොඳින් ගොඩනැගෙයි. ඒ වගේම වසර 10ක් පමණ විශාල උත්සාහයක් ගනු ලැබූ ලෝලූගස්වැව ව්‍යාපෘතියත්, ඒ කටයුත්තත් ඉදිරි කාලයේ අපේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවත් එම කටයුතු ඉටු කරයි. එතකොට අපේ ප‍්‍රශ්න ගොඩාක් මේ කලාපයේ විසඳෙයි. පොදුවේ බොදු සැදැහැවතුන්ටත් සතුටු විය හැකියි ශ‍්‍රී විභූතියෙන් යුතු අනුරපුර නගරය නැවත නවීන තත්වය යටතේ ගොඩනැගී ඉදිරියට යයි”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.