Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අමරදේව ශූරීන් මෙරට කලාවට, සංගීත ක්ෂේත්‍රයට සිදු කළ අපිරිමිත සේවයට උපහාරයක් ලෙස එතුමා අනුස්මරණය කරමින් දිස්ත්‍රික්ක 25තුළ උදා ගම්මාන 25ක් ඉදිකිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට සිරිබෝපුර ඉදි වූ ශ්‍රී අමරදේවගම 60වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි. මෙම ගම්මානයට අමතර ව දිස්ත්‍රික් මට්ටමින් උදා ගම්මාන 25ක් මෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ම තිස්සමහාරාමය හා ලුණුගම්වෙහෙර ප්‍රදේශයන් හි තවත් උදා ගම්මාන 2ක් ඉදිවෙමින් පවතින බවත් අමාත්‍යවරයා කීය.

ඉදිරියේ දී දිස්ත්‍රික්ක 25 තුළ කලා ගම්මාන 25ක් ක්‍රියාත්මක කරන අතර ම රටේ තරුණ පරපුර වෙනුවෙන් යොවුන් ගම්මාන 25ක් ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මාධ්‍යවේදීන්, රණවිරුවන්, රාජ්‍ය සේවකයින්  මෙන් ම ගුරු පරපුර වෙනුවෙන් දිස්ත්‍රික්කයකට එක බැගින් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුනි. මේවන විට රටේ පවුල් ලක්ෂ 25ක් නිවාස ගැටලුවට මුහුණ දීමට සිදු ව තිබෙනවා. එම පවුල්වල ප්‍රශ්න විසඳීමට රජයක් ලෙස ඇප කැප විය යුතුයි. මේ වන විට සතියට උදා ගම්මාන 2බැගින් විවෘත කරමින් සිටිනවා ඉදිරි සතියේ සිට උදා ගම්මාන 3බැගින් ජනතා අයිතියට පැවරීමට බලාපොරොත්තු වෙනවා.  මේ වන විට උදා ගම්මාන 702ක ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙන බවත් 2020 වන විට රජයේ ඉලක්කය උදා ගම්මාන 2500ක් රටපුර ඉදිකිරීම නමුත් 2019 වසරේ අග භාගය පමණ වන විට එම ඉලක්කය වෙත ගමන් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.