අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- 2018-07-19 10:16:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අමරදේව සෞන්දර්ය හ පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධ ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය - ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංගීත ගාන්ධර්වයානන් ලෙස හඳුන්වන අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ට කෘතඥතාව පළ කිරීම සඳහා ''අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය'' ලෙස නම් කර ඇති සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටුවීම පිණිස ද එකී පරමාර්ථ හා බලතල නිශ්චිතව දැක්වීම පිණිස ද ඒ හා සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත්
කෙටුම්පතකි.
පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටිය දී මෙම ව්‍යාපෘතිය සඳහා රජය ප්‍රමුඛතවය ලබදුන් අතර එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළේ ය. මුදල් හ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ද උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ඉදිරි සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
(රජයේ නිලපුවත්)
Reply To:
Name - Reply Comment
0 Comments