අවසන් රන්දෝලි පෙරහර අදයි
- 2019-08-14 15:36:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (14දා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
රාත්‍රී අට පසු වී විනාඩි පහට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාමුඛව ආරම්භ කිරීමට නියමිත පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දෙ වීදිය (හීල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් දළදා මාලිගාවට ගෙවදීමට නියමිතය.
මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවැනි රන්දෝලි පෙරහර ඊයේ (13දා) වීථි සංචාරය කෙරිණි.
දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) රජ වීදිය ඔස්සේ ඉහළට විත් ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදිණි.
පෙරහරේ සධාතුක කරඬුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්තියා විසින් වන අතර, දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා, මියන් රාජා හස්තීහු ගමන් කළහ.
අගෝස්තු මස 15 වැනිදා අලුයම දෙක පසු වී විනාඩි 12ට දකුණු දිශාමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයෙහි පෙරහර සිවු දේවාලයන්හි පෙරහර සමග පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහනා මළුවට) ගොස් සිරිත් පරිදි දළදා කරඬුව එහි තැන්පත් කොට සිවු දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව ප්‍රජා පැවැත්වීමෙන් පසු කටුකැළේ විදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදු කරයි.
අනතුරුව ගණදෙවි කෝවිලට ගොස් දේව පූජාව සිදුකොට එදිනම දහවල් එකොළහ පසු වී විනාඩි පනස් දෙකට නැගෙනහිර දිශාමුඛව පෙරහර පිටත්ව කටුකැළේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය), කන්දෙ වීදිය (හීල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) මංසන්ධියට පැමිණ එදින සවස තුන පසු වී විනාඩි 12ට නැගෙනහිර දිශාමුඛව (ආදාහනා මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙන් පෙරහර කැටුව ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍ර‘යේ තෙවිටක් ප්‍රදක්‍ෂණා කර, සවස පහ පසු වී විනාඩි හතට නැගෙනහිර දිශාව බලා ශ්‍රී දළාදා මාළිගාවට ගෙවැදීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments