අවුරුදු 18ට අඩු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස 115000ක්
- 2019-07-11 11:23:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.
වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මේ අතර දිවයින පුරා පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකයට හොරොයින් මත්ද්‍රව්‍ය සොයා යන බවත් ඒ අතුරින් 1,500ක් පමණ කාන්තාවන් බවත් ඉතිරිය පිරිමින් බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගංජා භාවිතා කරන බවත් ඒ අතරින් මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත. ඒ අතර කාන්තාවන් 1,500ක් සිටින බවත් වාර්තාවේ සඳහන්ව ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉකුත් මාස 06 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවෝ 40,846ක් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගෙන ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි.ග‍්‍රෑම් 3500 කට අධික ප‍්‍රමාණයක් බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
සුරාබදු නීති ද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරාය අදාළ අංශවලට උපදෙස් දී තිබේ. සුරාබදු රෙගුලාසි කඩකරන සුරාබදු බලපත් හිමියන්ට එරෙහි නීති දැඩි කිරීමට ද ජනාධිපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත් කර ඇත.
පළාත් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සොයා ගෙන තිබෙන අතර, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාතෙන් ද විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments