Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා ආසාදන අවදානම ඉතා ඉහළ බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඇදුම, පිළිකා වැනි රෝග වැළඳී ඇති වැඩිහිටියන්ටත්, දුම් බීම සහ මත්පැන් පානය වැනි අයහපත් පුරුදු සහිත වැඩිහිටියන්ටත් කොරෝනා ආසාදනය වුවහොත් සංකූලතා හෙවත් බරපතල තත්ත්වයට පත් වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බවත්, එබැවින් මෙම අවදානම් සමයේ අවු: 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිවසේ ම රැඳී සිටීම අත්‍යවශ්‍ය බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

එසේම, නිවසේ අනෙක් සියලු දෙනා, විශේෂයෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමට සිදුවන පුද්ගලයින් තම ආරක්ෂාව සනාථ කර ගනිමින්, නිවසට පැමිණි පසු වැඩිහිටියන් අසල ගැවසීමෙන් වැළකීම සහ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතු ව වැඩිහිටියන්ව ද ආරක්ෂා කරගැනීම පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු බව ද, වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.